බොදු බල සේනා' BJP Sri Lanka' ලෙස නම් කිරීමේ සූදානමක්

Published in පුවත්
Thursday, 25 June 2015 11:30

බොදු බල සේනා සංවිධානය සිය දේශපාලන පක්ෂය BJP Sri Lanka ලෙස නම් කිරීමේ සූදානමක් පවතින බවට ප්‍රවෘත්තියක් පළ වී තිබිණි. අප කවුරුත් දන්නා BJP ය ඉන්දියාවේ දැනට පාලන බලය හොබවන නරේන්ද්‍ර සිං මෝදි ද අයත් භාරතීය ජනතා පක්ෂයයි. එම පක්ෂයට ද දැඩි හින්දු අන්තවාදී ඉතිහාසයක් ඇත. 2002 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ සිදු කෙරුණු මුස්ලිම් සමූහ ඝාතනයකට අනුබල දීම සම්බන්ධව චෝදනා එවකට එහි මහ ඇමතිවරයාව සිටි වත්මන් ඉන්දීය අගමැති මෝදිට ද එල්ල වී තිබිණි. ඒ අනුව බලන කල පසුගිය වසරේ අලුත්ගම දී එවන් වාර්ගික සංහාරයක් වෙනුවෙන් වූ අත්හදා බැලීමක් කරන ලද බොබසේට එම නාමය දැරීමට යම් සුදුසු කමක් ද වර්ගවාදී මානයෙන් තිබේ.

එසේ වුවද BJP නාමය බොදු ජන පෙරමුණ ලෙස සිංහලෙන් ව්‍යවහාර කිරීමේදී බුදු දහමේ එන අවිහිංසාවාදයට සපුරා පටහැණි ලෙස වෛරී ප්‍රකාශ ප්‍රසිද්ධියේ නිකුත් කරන, වෛරී ක්‍රියාවන් සඳහා පොළඹවන මෙන් ම මැරයින් පිරිවරා පෞද්ගලිකව ම වෛරී ක්‍රියාවන්හි නිරත වන චීවර ධාරීන් පිරිසක් සහ අනුගාමිකයින් බෞද්ධ පෙරමුණක් ලෙස දේශපාලන පක්ෂයක් පිහිටුවීමෙන් බුදු දහමට, ලාංකේය බෞද්ධයින්ට මෙන් ම සකල ලෝක වාසී බෞද්ධයින්ට ම වන්නා වූ අවමානය වළක්වාගනු වස් මහානායක භික්ෂූන් ඇතුළු අදාල පිරිස් ක්‍රියාකාරී විය යුතුය.

එමෙන් ම චීවරයට ඇති සිවිල් බලය උපයෝගී කරගනිමින් ජාතිවාදය වැපිරීමට එරෙහිව දැනට රටේ පවතින නීතිය නොතකා ක්‍රියා කරනා චීවරධාරීන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය ද ක්‍රියාකාරී විය යුතු අතර එය අද දවසට වඩා රටේ අනාගතය වෙනුවෙන් කෙරෙනා ක්‍රියාවක් ලෙස සැලකිය යුතුය.

එකී ලංකා නිව්ස් වෙබ් වාර්තා කළ පුවත පහතින් දැක්වේ.

බොදුබල සේනාවෙන් 'BJP Sri Lanka'!

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us