රාජ්‍ය ආයතන දෙකක නිලධාරීන් මත්කුඩු ජාවාරමේ

Published in පුවත්
Thursday, 25 June 2015 11:59

රාජ්‍ය ආයතන දෙකක නිලධාරීන් මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉකුත් සතියේදී තමන්ට ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ බව ජනාධිපතිවරයා පැවසුවේය.වාණිජ මණ්ඩලයේ නිලධාරීන් හමු‍වී කරන ලද සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මත්කුඩු ජාවාරම පිටුදැකීම සඳහා රජය මේ වන විට විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනන බවත් ඊට සියලූ පාර්ශ්වයන්ගේ සහය හිමිවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මත්කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ව්‍යාපාරිකයින්ට කිසිදු බලපෑමකින් තොරව තම ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යෑමට අවශ්‍ය වටපිටාව සලසාදීම රජයේ ප්‍රතිපත්තිය බවත්, කෘෂීකාර්මික නිෂ්පාදන දෙස බැලීමේදී විශාල වශයෙන් විදේශ රටවලින් ආහාර මෙරටට ආනයනය කරන බැවින් ඉදිරි මාස දෙක තුන ඇතුළත එම ආහාර ද්‍රව්‍ය මෙරටදීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us