එජාපය හැර ගිය අය යළි ගන්නේ නෑ

Published in පුවත්
Sunday, 28 June 2015 17:31

පසුගිය කාලයේ විවිධ පෞද්ගලික වාසී සඳහා බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය හැර ගිය බවත් හැර ගිය පුද්ගලයින් යළි පක්ෂයට නොගන්නා බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයක එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බොහෝ පිරිසක් මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පාර්ලමේන්තු මැතිවරණයට ඉදිරිපත් විමට ඉල්ලීම් කර ඇති බව කිරිඇල්ල මහතා එහිදි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට හිමිව තිබූ ඡන්ද පදනම තවදුරටත් අඩුවන බව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනමෙන් 30% දක්වා වූ ප්‍රතිශතයක් අඩුවී ඒ 30% එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බවත් පැවසුවේය. මෑතදී සිදු කළ නවතම සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවර ආසන 55 කට වඩා නොලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us