අගමැති අපේක්ෂක නොකළොත් ඒකත් බලාගමු

Published in පුවත්
Sunday, 28 June 2015 17:47

ලබන අඟහරුවාදා වනවිට තමන් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් එය එදිනට බලාගත හැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනපති මේ බව පවසා සිටියේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙන බවට අදහස් පළ වන බව විමසා සිටි විට ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන්ද ඉදිරියේදී බලාගත හැකිවනු බවයි.

කෙසේ නමුත් රාජපක්ෂ රෙජීමය පෙරලා දැමීමට විශාල කාර්ය භාරයක් ඉ‍ටු කළ සමාජ ක්‍රියාකාරීන්ගේ මත වී ඇත්තේ මහින්ද අගමැති අපෙක්ෂකයා කිරීම රටට සිදු විය හැකි විශාල විනාශයක් බවය. මේ නිසා මේ මොහොතේදී මුළු වැර යෝදා රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ පාදඩ ජාතිවාදී දේශපාලනය පරාජය කිරීමට රටේ සියලු දේශපාලන පක්ෂ වල වගකීමක් බවත් ඒ වෙනුවෙන් සිවිල් සමාජය පෙළ ගැසිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙති.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us