එජනිසයේ ජයට සහාය ගන්න ජනපති අද වමේ පක්‍ෂ හමුවේ

Published in පුවත්
Monday, 29 June 2015 09:53

ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සහාය ලබා ගැනීමට වාමාංශික පක්‍ෂ හා සුළු පක්‍ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවක්‌ අද (29 වැනිදා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට එජනිසයට සම්බන්ධ නැති අනිකුත් වාමාංශික පක්‍ෂ නියෝජිතයන්ද සහභාගි වීමට නියමිතය.

එජනිසයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සියලු පක්‍ෂ එක්‌කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුව විසින් මෙම හමුව සංවිධානය කර ඇත.

මේ අතර මහින්ද - මෛත්‍රී සමගි කිරීම සඳහා පත් කළ කමිටුවද අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. මෙම කමිටුව පසුගිය 25 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී සාකච්ඡා කරනු ලැබීය.


divaina

Last modified on Monday, 29 June 2015 10:00

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us