මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  අගවිනිසුරු මොහාන් පීරිස් පෙන්වා දෙන්නේ රජයේ රෝහල්වල හෙදියන්ට සුතිකාගාර පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙල තුළ වරදක් නොමැති බවයි. 
කෙසේවෙතත් මෙම ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මැදිහත්වීමක් නොකිරීම නිසා නඩු මගට බැසීමට සිදුවූ බව පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කරමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙයි. 

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														