සත්‍යය අවැසි මොහොතක `සත්හඬ` සටන්බිමට !

Published in පුවත්
Monday, 29 June 2015 16:40
ලංකාවේ පත්තර කලාවට නවමු අත්දැකීමක් එකතුකරමින් `සත්හඬ` ඉරිදා පුවත්පත 2015 ජූලි 05 වැනිදා සිට වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් කෙරෙමින් පවතින බව 'ලංකා ඩේලි' වෙත වාර්තා වෙයි. ජාතිවාදයට එරෙහි ජාතික ආණ්ඩුවක් යන දේශපාලන තේමාව සහිත පුවත්පතක් ලෙස, සත්‍යය අවැසි මොහොතක `සත්හඬ` සටන්බිමට එන  බව `සත්හඬ` කර්තෘ මාණ්ඩලික ප්‍රකාශකයකු පැවසීය.
 
 දීප්ති කුමාර ගුණරත්න ප්‍රධාන කර්තෘත්වයෙන් නිකුත්වන `සත්හඬ` පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස ප්‍රභාත් වීරරත්න, ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස සුභාෂ් ජයවර්ධන, විශේෂාංග කර්තෘවරයා ලෙස විමල් කැටිපෙආරච්චි කටයුතු කරන අතර ජයසිරි අලවත්ත, ශාලික විමලසේන, දයා නෙත්තසිංහ, සංජය ලියනගේ, ප්‍රදීපා වීරසේකර,අජිත් සෙනෙවිරත්න, කසුන් සමරතුංග, වින්ධ්‍යා ගම්ලත් ආදී මාධ්‍යවේදී පිරිසක් කර්තෘ මාණ්ඩලිකයන් ලෙස සේවය කරන බව වැඩි දුරටත් වාර්තා වෙයි. 
 
එමෙන්ම 'මව්බිම' පුවත්පතෙහි සේවයෙන් ඉවත්වූ සංජක ප්‍රසාද් දෝලේවත්ත ඇතුළු 'යං' කණ්ඩායමේ දායකත්වයෙන් නව ආකාරයක ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ අතිරේකයක්ද ශාන්ත බණ්ඩාර ජයවර්ධන සංක්කරණය කරන කලා අතිරේකයක් ද සත්හඬ සමඟ නිකුත් වීමට  නියමිතය.
 
ස්වකීය අලුත්ම නවකතාව වන `කොළඹ කතාව`,  `සත්හඬ` පුවත්පතට රචනා කරන උපුල් ශාන්ත සන්නස්ගල මෙන්ම කේ.කේ. සමන් කුමාර, ප්‍රියන්ත ලියනගේ, චින්තන ධර්මදාස, සුජිත් අක්කරවත්ත යන ප්‍රවීණ ලේඛකයින්, ආරාධිත ලේඛකයන් ලෙස කටයුතු කරන බව  `සත්හඬ` පුවත්පතේ කර්තෘ මාණ්ඩලික ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. 
 
sathhanada-new-main
Last modified on Monday, 29 June 2015 17:55

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us