රාජිතගේ පුතා එජාපයෙන් මහ මැතිවරණයට !

Published in පුවත්
Monday, 29 June 2015 16:51
ශ්‍රි ලංකා  නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්ථාවේ.
 
මෙයට හේතුව වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායකට ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා ලබා දීම කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. ඊට  සේනාරත්න මහතා දැඩි විරෝධයක් දක්ව ඇති නමුදු පක්ෂය බේරා ගත යුතු බව කියමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ  ජේෂ්ඨයන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට ඉඩ හැර ඇත. පක්ෂය බේරා ගැනීමට කියා දූෂිත රාජපක්ෂලා සමඟ එක පෙළට සිට ගැනීමට තමන්ට නොහැකි බව රාජපක්ෂ විරෝධීන්ගේ මතය වී තිබේ.
 
කෙසේ නමුත් සිරිසේන මහතා තම සටන අත් හැරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඇමැති චම්පික රණවක ද දැඩිව විරෝධය පළ කර ඇත.  මේ අතර ශ්‍රී ලනීපයේ තවත් ජේෂ්ඨයන් පිරිසක් රාජපක්ෂවරුන්ට එරෙහිව සිය බලය පාවිච්චි කරන ලෙස සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්ද කර ඇති අතර ශ්‍රී ලනීපයේ මහින්දවාදී කොටස් අඩපණ කිරීම වෙනුවෙන් එම පක්ෂයේ සභාපති ධුරයට චන්ද්‍රිකා බණ්ඩරනායක මහත්මියට ලබා දීමේ උත්සහයකද නියැලී සිටී.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us