තලතා ගේ ආධාරකරු දෑල දී මරා දමයි

Published in පුවත්
Tuesday, 30 June 2015 09:43

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවෙක්ව ඊයේ (29) රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් පහර දී මරා දමා තිබේ. මෙසේ ඝාතනය වී අැත්තේ තුෂාර දේවාලේගම නම් නැමැත්තෙකි. මෙම ඝාතනය සිදුව තිබෙන්නේ රත්නපුර දෑල නොරගල්ලේවත්තල දෙයියන්නේ දාල ප්‍රදේශයේ දීය.

තලතා අතුකෝරාල මහත්මියගේ මැතිවරණ ප්‍රචාරක කටයතු මෙහෙයවීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී මඟ හරස් කර ඇති පිරිසක් සිදුකළ පහරදීමකින් තුෂාර දේවාලේගම මහතා මිය ගොස් ඇත. 37 හැවිරිදි තුෂාර නැමැත්තා තිදරු පියෙකි. ඔහුගේ දේහය මේ වන විට රත්නපුර රෝහලේ තැම්පත් කොට ඇත.

පාර්ලිමේන්තුව විසිරුවා හැර පැය කිහිපයකින් පසුව අනුරාධපුර නගරයේ සවිකොට තිබූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ දැවැන්ත කටවුට් කිහිපයකට සංවිධානාත්මක පිරිසක් හානි කොට ඇත. දිස්ත්‍රික්කයේම විපක්ෂයේ දේශපාලනඥයෙකුගේ සේවකයෙකු ඇතුළු පිරිසක් විසින් මෙය සිදු කර ඇති බවට සැක පළ කරයි.

කුරුණෑගල නගරයේ සවි කොට තිබු එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කුරුණෑගල ආසන සංවිධායක අශෝක අබේසිංහ මහතා ගේ සහ රනිල් වික්‍රමසිංහ මහතා ගේ රුව සහිත කටවුට් කිහිපයක් ද කපා දමා අැති අතර එජාපයේ දිස්ත්‍රික් නායකත්වය ලබා ගැනීම සදහා උත්සහ දරන පුද්ගලයෙකුගේ ආධාරකරුවන් විසින් මෙම ක්‍රියාව සිදු කරන ඇතැයි සැක කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us