පක්‍ෂ දෙකක නම් වෙනස්‌ වේ

Published in පුවත්
Tuesday, 30 June 2015 09:54

ලියාපදිංචි දේශපාලන පක්‍ෂ දෙකක නම් වෙනස්‌ කර ඇති බව මැතිවරණ කාර්යාලය පවසයි.දේශප්‍රේමී ජාතික පෙරමුණ ශ්‍රී ලංකා ජාතික බලය ලෙසත් එක්‌සත් ලංකා මහා සභා පක්‍ෂය, බොදු ජන පෙරමුණ ලෙසත් නම් වෙනස්‌ කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික බලය පක්‍ෂයේ ලේකම් ලෙස පියසිරි විඡේනායක මහතාත් බොදු ජන පෙරමුණේ ලේකම් ලෙස ආචාර්ය නාත් අමරකෝන් මහතාත් කටයුතු කරයි.

එමෙන්ම ලියාපදිංචි පක්ෂ හයකට නව ලේකම්වරුන් පත් කර තිබේ. ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂ ලේකම් ලෙස මාවෙයි සේනාධිරාජා මහතා වෙනුවට කේ. තුරෙයිරාජසිංහම් මහතාත් ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්‌ති පෙරමුණේ ලේකම් ලෙස කේ. ප්‍රේමචන්ද්‍රන් මහතා වෙනුවට එන්. සිවශක්‌ති මහතාත් මහජන එක්‌සත් පෙරමුණේ ලේකම් කරුණාතිලක දිසානායක මහතා වෙනුවට තිස්‌ස ජයවර්ධන යාපා මහතාත් මුස්‌ලිම් ජාතික සන්ධානයේ ලේකම් ලෙස එස්‌. එස්‌. එම්. අස්‌රප් මහතා වෙනුවට එම්. නයිමුල්ලා මහතාත් පත් කර ඇත.

ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ ආචාර්ය උපාලි කරුණාතිලක මහතා වෙනුවට සාගර කාරියවසම් මහතා එහි නව ලේකම් ලෙස පත්ව ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us