විමල්ගේ ඩුප්ලිකේට් පක්ෂයේ අගමැති අපේක්ෂකයා මහින්ද !

Published in පුවත්
Tuesday, 30 June 2015 13:11
විමල් වීරවංශ මහතා ගේ ජාතික නිදහස් පෙරමුණේ නායකයකු වන පියසිරි විජේනායක මහතා ලේකම් ධුරය හෙබවූ දේශප්‍රේමී ජාතික පෙරමුණ පක්ෂයේ නාමය ඊයේ දිනයේදී  ශ්‍රී ලංකා ජාතික බලය නමින් වෙනස් කෙරුණ අතර එළඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා එම පක්ෂයෙන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවැසීය. ඒ අනුව ලබන ජූලී මස 9 වන දින අනුරාධපුරයේ පැවැත්වෙන ‍රැළිය සඳහා රාජපක්ෂ මහත එක් වීමට නියමිතය.
 
 මේවන විටත් අදාළ පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස්කර  මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දී ඇති අතර නව මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශනයද සකසා මුද්‍රණයට සූදනම් කොට ඇත. සියලූම දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා පත්‍ර සැකසීමද මේවන විට අවසන් අදියරේ පවතින බවත් එම පක්ෂයේ ප්‍රකාශකයා පැවැසීය.
 
මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලනීපයෙන් හෝ එක්සත් ජනතා නිදස් සන්ධානයෙන් හෝ නාමයෝජනා ලබා නොදෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේදී ස්ථිර තීන්දුවක් ගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාව තමන්ගේ පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස මහ මැතිවරණය ඉදිරිපත් කිරීමට විමල් වීරවංශ ඇතුළු පිරිස මෙම තීන්දුව ගෙන තිබේ. මේ සඳහා උදය ගම්මන්පිළ, දිනේශ් ගුණවර්ධන ආදි මහින්ද වාදීන්ගේ සහය හිමිව ඇතත් ඔවුන් සමඟ සිටි  විශාල කණ්ඩායමක් ශ්‍රී ලනිපයෙන්ම මහ මැතිවරණය තරග කිරීම සඳහා ජනාධිපතිවරයගෙන් අනුමැතිය ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us