දූෂණ චෝදනා ඇති නිලංග යළිත් දියවඩන නිළමේ !

Published in පුවත්
Tuesday, 30 June 2015 13:07
ධුර කාලය අවසන් වුණු හිටපු දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා එම ඡන්දය පැවැත්වෙන තෙක් වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කර ඇති බව වාර්තාවේ. අද දින මෙම පත් වීම සිදු කර ඇත. 
 
අදාල පත්කිරීම සිදුකර ඇත්තේ තෙමසක කාලයක් සඳහායි. ඒ අනුව වැඩබලන දියවඩන නිළමේවරයා ලෙස ප‍්‍රදීප් නිලංග දෑල එළැඹෙන අගෝස්තු මාසයේ පැවැත්වෙන වාර්ෂික ඇසළ පෙරහැර සියලූ කටයුතු අධීක්‍ෂණය කිරීමට නියමිතය.දැල බණ්ඩාර මහතාව මේ සඳහා නම් කිරීම අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහනායකවරුන්ගේ ඉලීම පරිදි සිදුව තිබේ. 
 
බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා මේ පත්වීම පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ බෞද්ධ විහාර, දේවාලගම් ආඥා පනත යටතේ අදාල පත්කිරීම සිදුකර ඇති බවයි. 
 
කෙසේ නමුත් දූෂණ වංචා චෝදනා ‍රැසක් එල්ල වී තිබු හිටපු බස්නයක නිලමේවරයාව එම ඡන්දය තෙක් වැඩ බැලීම සඳහා පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් කටයුතු කිරීමට එරෙහිව මේවන විටත් බරපතල විරෝධයක් හට ගෙන තිබේ.
 
මෙමඟින් ඔහුගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා එම තනතුරේ වරප්‍රසාදයන් යොදා ගැනිමටත්  ඔහුට එරෙහිව ඇති දූෂණ වංචා චෝදනාවලින් ගැලවීම සඳහා වත්මන් ආණ්ඩුව විසින්ම ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇති බව මෙම චෝදනා කරුවෝ පවසති.
 
මේ අතර දැල බණ්ඩර මහතාට අයත් යැයි සැල කෙන යාල වනෝද්‍යානය තුල පවතින කැරවෑන් නම් හෝටලය තුල මේ දිනව බස්නායක නිලමේවරයා පත් කිරීම වෙනුවෙන් ඡන්ද හිමි ප්‍රාදේශීය හා දිසා ලෙකම්වරුන් කැඳවා ඉහළ මට්ටමේ භෝජන සංග්‍රහයන්  පැවැත්වෙන බවත් වාර්තාවේ.  
Last modified on Tuesday, 30 June 2015 14:28

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us