තම ඡන්ද පොළේදී ඡන්දය දාන්න බය නම් තවත් ඡන්ද පොළකදී අවස්ථාව

Published in පුවත්
Wednesday, 01 July 2015 11:39

තමාගේ ඡන්ද පොළ පිහිටි ප්‍රදේශයේදී ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති අයෙකුට වෙනත් ඡන්ද පොළකදී ඡන්දය දීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලුම් කිරීමට අවස්ථාව උදාවී තිබේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන්නේ 1988 අංක 15 දරණ පාර්ලිමේන්තු මැතිවරන පනතින් සංශෝධිත 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 127 ආ වගන්තිය යටතේ ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා ඇති බවයි.

මේ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලවල මෙන්ම, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවත්, නීත්‍යානුකූලව නාමයෝජනා දැන්වීමේ දින සිට එනම්, 2015.06.26 සිට දින 7ක් ඇතුළතදී අදාළ ඉල්ලුම්පත මැතිවරණ කොමසාරිස්, මැතිවරණ මහලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිය යන ලිපිනයට එවිය යුතු බවත් එම කාර්යාලය පවසයි.

එම කාලසීමාව 2015.07.10 දින දක්වා දීර්ඝ කර ඇති බැවින් අදාළ අයදුම්පත එදිනට හෝ එදිනට පෙර ලැබෙන සේ පෙර සඳහන් ලිපිනයට එවිය යුතුය.

ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලවා ඉල්ලුම් පත්‍ර සහතික කරවා ගත යුතු අතර, ජාතික හඳුනුම්පතේ අංකය ඉල්ලුම්කරු විසින් ඉල්ලුම් පත්‍රයේ සඳහන් කිරීම අත්‍යවශ්‍යවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us