මැදමුලන ප්‍රකාශය පුස්සක්

Published in පුවත්
Wednesday, 01 July 2015 12:31

ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවේය. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සන්ධාන මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ පිරිසක්‌ මැදමුලනට පැමිණ සිටියේය.

1970 දී තමන් ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ බවත්, එතැන් සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු,ඇමතිවරයෙකු,විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරයෙකු ලෙසද දිගු ගමනක් ආ බවත්, එදා මෙන්ම අදත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට තමන් ගරුකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

කිසිදවසක මම මගේ පක්ෂයට කිසිම ද්‍රෝහි කමක් කරලා නැහැ .පසුගිය මාස හය තුල ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙලා යනුවෙන් පැවසුවේය.

රටේ නීතයට පිටින් නොයෙක් ආයතන පිහිටුවා අැති බවත් රජයේ සේවකයින් පීඩනයට පත්කර. මහමඟට ඇද දමා අැති බවත් දිනසියය ඇතුලත විරුද්ධ දේශපාලන මත දරන පුද්ගලයන්ගෙන් පලිගත්තා මිස සංවර්ධනයක් සිදු නොකළ බවත් කීවේය.

‘ගොවියා, රජයේ සේවකයා, කර්මාන්තකරුවා, ව්‍යාපාරිකයා අතරමං කළා. මහ මගට ඇද දැම්මා. දින 100කදී එතනෝල් බලපත්‍ර 27ක් නිකුත් කළා. රුපියල් කෝටි 5400ක මහ බැංකු බැඳුම්කර මහා මංකොල්ලයක් සිදු කළෙත් දින 100දිමයි. පසුගිය දින 100 දී එජාප අතීතය මට යළි සිහිකර දුන්නා‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේදී ජනතාව අමතමින් පැවසීය.

තමා බලයේ සිටියදී ව්‍යවස්ථාවන් පිට කිසිම දෙයක් නොකළ බවත් අධිකරණයට අපහාස නොකළ බවත් දේශපාලන වෛරය,පලිගැනීම කුණුබක්කියට දැම්මා යනුවෙන් ද පැවසුවේය.

අද දින ජනතාව මෙසේ මගේ ගේ දොරකඩටම ඇවිල්ලා ආරාධනා කරන්නේ පළිගන්න නොවෙයි රට ගොඩනඟන්න බව දන්නා නිසා ඔබලා කරන මේ ඉල්ලීම ප්‍රතික්ශේප කරන්න මට අයිතියක් නැහැ.රට වෙනුවෙන් අපි ඉදිරි මහ මැතිවරණයට අපි තරඟකළයුතුයි.

එක්සක් ජනතා නිදහස් පක්ෂයේ පමණක් නොව සියලුම පක්ෂවල දේශප්‍රේමී ජනතාවට තමා සමග සමඟ අත්වැල් බැදගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

 

මහින්ද; මඟ හිටියොත් ‍තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී.

Last modified on Wednesday, 01 July 2015 12:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us