ඔහු මේ බව පවසා සිටියේ කළුතර, ජාවත්ත මාර්ගය කාපට් කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගි වෙමිනි. 
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසිය.
එහිදී ඔහු මෙසේද කීය.
‘ගිය වර බස්නාහිර සහ දකුණ මැතිවරණ පැවැත්වෙද්දී මම මේ විදියටම කිවුවා. සන්ධාන ආණ්ඩුව ඒවා ජයග‍්‍රහණය කළේ නැත්නම් මම වම් කණ කපලා තට්ටය ගාගන්නවා කියලා. මම අභියෝග කරනවා පුළුවන් නම් මගේ මෙවර ප‍්‍රකාශයට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් යූ.එන්.පී. යේ ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා. කණක් කපන්න ඕනෑ නැහැ. වෙන මොකක් හරි වුණත් කමක් නැහැ. අඩුම ගානේ ඇඟිල්ලක නිය පොත්තක් හරි මේ වෙනුවෙන් කපන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙලා පෙන්වන්න’

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														