පාඩුවේ ඉන්න අලි කුලප්පු කර ගන්න එපා- කබීර් හෂීම්(audio)

Published in පුවත්
Thursday, 02 July 2015 14:51

පසුගිය ජනවාරි 08 වනදා මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයේ ඉතිරි කොටස අගෝස්තු 17 වනදා සම්පූර්ණකර ගන්නා බවත් එය අඩපණ කිරීමට යළි ප්‍රචණ්ඩත්වය දියත්කර අලියා කුලප්පු කර නොගන්න යනුවෙන් එජාප මහ ලේකම් හා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අලියා යන සතත්වයා විනය ගරුක සතත්වයෙක් බවත් ඒ ලාංඡනයෙන් යුක්ත එජාපය විනයගරුක හා සත්භාවයෙන් යුක්ත පක්ෂයක් බවත් එම ස්වභාවය නිවටකමක් බව ප්‍රතිවාදීන් සිතනවානම් ඔවුන්ට වැරදී ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කබීර් හෂීම් සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණයේදි රාජපක්ෂ රෙජිමය රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් ඝාතනය කළ අතර මෙවරද තලතා අතුකෝරළ මහත්මියගේ සමීප පාක්ෂීකයකු හට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර ඇති බවයි.පරාජිත පිරිස දැන් හැසිරෙන ආකාරය අනුමත නොකරන බවත් එබදු ක්‍රියා මගින් එජාප මැතිවරණ සටන අඩපණ කිරීමට ඉඩ නොදෙන බව පැවසුවේය.

එජාපය නීතියේ ආදිපත්‍යයට හිස නමන බවත් කිසිවිටකත් ප්‍රචණ්ඩත්වයට හිස නොනමන බවත් එවැනි තත්වයන් ඇති කර අලියා කුලප්පුකර නොගන්නැයි අවධාරණය කළේය.

කන්දක් විළිලා මීයෙක් වැදූ කතාවක් අසා ඇති බවත් කන්දක් නොව කදු පන්තියක් තරමේ මහා විලාපයකින් කුරුමිණි පැටියෙක් බිහිකළ ආකාරය පසුගියදා මැදමුලනෙන් ඇසුණ බවත් එය දූෂිත කුරුමිණි රංචුවක් එක්වී සිදු කළ විහිළුවක් බව කියා සිටියේය.

වර්තමානය වන විට එජාපය වටා විශාල පිරිසක් රොද බදිමින් සිටින බවත් පොදු ජනයා ආරක්ෂා කිරීමට එජාපය නායකත්වය දෙන බවත් ඒ වෙනුවෙන් සටන් කරන බවද පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us