රටේ අනාගතය, අපේ දූ දරුවන්!

Published in පුවත්
Thursday, 02 July 2015 14:40

රටට අවශ්‍යය පවුලක දරුවන් හොඳට ඉගෙනීමට නොව මුළු රටේම දරුවන්ට ඉගෙන ගැනීමට වාතාවරණයක් සැකසීම බවත් රටේ අනාගතය දූ දරුවන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය ෆේස් බුක් ගිණුමට අද (02) ප්‍රකාශයක එක්කරමින් ඔහු මෙම අදස් දැක්වීය.

'අරලිය ගහ මැදුර බලන්නට දිනපතා බොහෝ දූ දරුවන් පැමිණෙනවා. බොහෝ දුෂ්කර පළාත්වලින් එන මේ දරුවන් විවිධ දුෂ්කරතා මැද අධ්‍යාපනය ඉදිරියට කරගෙන යෑම අපි හැමෝම අගය කළ යුතු දෙයක්. අධ්‍යාපන ඇමතිව සිටි කාලයේ සිට මට අවශ්‍ය වුනේ දැයේ දරුවන්ට උගන්වන්න පුළුවන් පරිසරයක් හදල දෙන්න.
අධ්‍යාපන පද්ධතියේ දියුණුව, රටේ දියුණුවයි. පසුගිය කාලේ අධ්‍යාපන පද්ධතියේ ඉතාමත් බරපතල වැටීමක් තිබුනා. පෙර තිබු ආණ්ඩුව පුහු අටෝපයට මුල් තැන දුන්නට දැයේ දරුවන්ගේ මනස දියුණූ කරන්න අමතක කළා. ලෝකයේ බොහෝ දේශපාලන නායකයන්, තම ජනතාව බුද්ධිමත් වනවාට බයයි. ඉතිහාසය පුරා මේ දේවල් ලියවිලා තිබෙනවා.

රටට අවශ්‍ය,එක පවුලක දරුවන් හොදට ඉගෙනගැනීම නොව, මුළු රටේම දරුවන්ට ඉගෙන ගන්නට වාතාවරණයක් හදල දීමයි.

එකතුවන්න, හැම දරුවෙකුටම සමාන අවස්ථා ලබාදෙන්නට, ලෝකය ජයගන්නට'

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us