කොළඹ පැවති ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩමුළුවකට යාපනයේ සිට යමින් සිටි දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට වවුනියාව ඕමන්තෙයි මුරපොලේ දී යුද හමුදාවෙන් සහ පොලිසියෙන් එල්ල කෙරුණ බාධා කිරීම් සහ කොළඹ දී සංවිධානාත්මක පිරිසක් ඔවුන්ට හිරිහැර කිරීමට සූදානම් වීමට එරෙහිව මෙම උද්ඝෝෂණය දියත් කළ බව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 
දෙමළ මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයක් රජයට ඇති බව කී ඔහු යුද්ධයෙන් පසුව එවැනි තත්ත්වයක් කිසිවෙකුත් අපේක්ෂා නොකළ බවත් කියා සිටියේය.
මෙම උද්ඝෝෂණයේ අරමුණ රටේ ගොඩනැගී ඇති ඉහත කී තත්ත්වය සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කිරීම බව සුනිල් ජයසේකර මහතා තවදුරටත් කියා සිටියේය. 
දකුණේ සහයෝගය
දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ටී. විනෝත් මහතා පවසන්නේ එදා සිටම මේ රටේ සෑම රජයක් ම දෙමළ මාධ්‍යවේදීන් මර්දනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධය සියලු දෙමළ ජනතාව සමග එකතු වී පළ කරන බවයි.
දෙමළ මාධ්‍යවේදීන්ටද මේ රටේ සමාන අයිතිවාසිකමක් ඇති හෙයින් ඔවුන්ට එම අවස්ථාව ලබා දීම පිණිස තම සංවිධානය කටයුතු කරණ බව, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ලක්ෂ්මන් ගුණසේකර මහතා කියා සිටියේය. 
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා සහ සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් ඇතුළු තවත් දෙමළ දේශපාලනඥයින් කීප දෙනෙකු ද මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ. 
(සංදේශය)
උතුරේ සහ දකුණේ ජනමාධ්‍ය සංගම් කීපයක් සහ ස්වේච්ඡා සංවිධාන කීපයක් එකතුව යාපනයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියහ.
Leave a comment
Gossip
 
															
														
																
																								
												
																									සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
 
															
														
																
																								
												
																									වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
 
															
														
																
																								
												
																									ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
 
															
														
																
																								
												
																									ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
 
															
														
																
																								
												
																									ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
 
															
														
																
																								
												
																									සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
 
															
														
																
																								
												
																									ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

 
		  	