මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ එකොලොස් කෝටි තිස් ලක්ෂයක වංචාවක්

Published in පුවත්
Sunday, 05 July 2015 08:02

රජයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ගිණුමෙන් රුපියල් එකොළොස් කෝටි තිස්ලක්ෂ හයදහස් තුන්සිය දෙක (113,006,302 )ක මුදලක් වංචාකර තිබේ. මෙම මුදල් වංචනික ලෙස ලබාගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසිනි.


2012 අපේ‍්‍රල් මස 30 වන දින සිට 2014 දෙසැම්බර් මස 11 වන දින දක්වා වසර තුනක කාලය සඳහා පමණක් මෙම මුදල් වංචනික ලෙස ලබාගැනීම සිදුකර 2006 වසරේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ අමාත්‍යවරුන් විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ලබාගත් කෝටි තිස් ලක්ෂයක වංචාවක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මුදල් පිළිබඳ ලිපිගොනු මැණික් අධිකාරිය සතුව පවතින බව එහි සේවකයෝ පෙන්වා දෙති.

2012, 13, 14 යන වසරවල මැණික් අධිකාරියෙන් වංචනික ලෙස ලබාගත් මුදල්වලින් වැඩිම කොටසක් ලබාගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. ඔහුගේ නිර්දේශ මත ඉකුත් ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි පහකට වැඩි මුදලක් ලබාගෙන තිබේ. මීට අමතරව තාරුණ්‍යයට හෙටක් ඇතුළු සෙසු ව්‍යාපෘතීන් සඳහා වැඩිම මුදල් ප‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසිනි. මේ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ඉදිරි කලාපයකදී පළකෙරෙනු ඇත.

(සත්හඬ)

Last modified on Sunday, 05 July 2015 11:21

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us