මහින්ද ගොඩදාන්න චීනා එයි!

Published in පුවත්
Sunday, 05 July 2015 08:17

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා චීන රජය දැඩි බලපෑමක් කරමින් සිටින බව දැනගැනීමට තිබේ. මේ වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ දෙවන නිලධාරියා වන දේශපාලන අංශ ප‍්‍රධානී රෙන් ෆාකියන් මේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටී.

මේ වනවිට ඔහු ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප‍්‍රබලයන් වෙත මේ සම්බන්ධයෙන් බලපෑම් කරමින් සිටින අතර මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා චීන රජයේ ප‍්‍රතිපාදන ලබාදීමටද සූදානමින් පසුවන බව වාර්තා වේ. ඔහු විසින් පසුගිය මාස කිහිපය තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගැටුම් ඇති කිරීමට ව්‍යාජ තොරතුරු සැපයීමෙහි යෙදී සිටි බවද මේ වනවිට හෙළිදරව්ව පවතී.

එමෙන්ම රජයේ ප‍්‍රධාන දේශපාලනඥයන් කිහිප දෙනකු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් අනාවරණය වේ.


ඔහු මේ වන විටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රජය විවේචනයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ ආධාර ඇතිව සිංහල පුවත්පත් දෙකක් මුද්‍රණය කර බෙදා හරිමින් සිටී. රාජපක්ෂ මහතාට ප‍්‍රබල රාජයෝග ඇති බවට තොරතුරු ඇතුළත් ජ්‍යොතිෂ්‍ය පුවත්පතක් හා ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයේ ප‍්‍රවෘත්ති පත‍්‍රයක් මෙයට ඇතුළත් වේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙරට සංවර්ධන ව්‍යාපෘති චීන රජයේ ඒකාධිකාරය නතුව තිබූ අතර මෙම ගනුදෙනුවලදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට අතිවිශාල කොමිස් ලැබුණු බවට බරපතළ චෝදනාවන් රැසක්ද එල්ල වී තිබේ. එමෙන්ම මේ ව්‍යාපෘති චීන සමාගම් සඳහා ලබා දී තිබුණේ නියමිත ඇස්තමේන්තු මුදලට වඩා වැඩි අගයක් සහිතව බවද හෙළි විය.

ඒ කෙසේ නමුත් චීන රජයේ මැදිහත් වීම සූක්ෂ්මව සිදු නොකර එය ප‍්‍රසිද්ධියේ ඉටු කිරීම නිසා ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා දෙවන නිලධාරියා අතර ගැටුම් තත්ත්වයක්ද හට ගෙන තිබේ. එය රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රශ්නයක් ඇති කිරීමට හේතුවනු ඇති බවට තානාපතිවරයා මෙම නිලධාරියාට දොස් පවරා ඇත.

ඔහු මේ කටයුතු වෙනුවෙන් චීන ව්‍යාපාරිකයන්ගෙන් විවිධ ප‍්‍රතිලාභ ලබා ඇති බවත් මේ වනවිට හෙළිව ඇත. රාජපක්ෂවරුන් හා පැවැත්වූ සමීප සබඳතා හේතුවෙන් ඔහුගේ නියමිත සේවා කාලය වන වසර තුන ඉක්මවා මේ වනවිට වසර 4කට ආසන්න කාලයක් ඔහු තානාපති කාර්යාලයේ සේවයෙහි තැබීමට චීන රජය කටයුතු කර තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයේ අපේක්ෂකත්වය ලබාදීම වළක්වාලීම වෙනුවෙන් ඉන්දීය රජය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ මෙහෙයුමක යෙදී සිටින බවත් ‘සත්හඬ’ වෙත වාර්තා වේ.

(සත්හඬ)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us