සරත් ආබෲ අත් අඩංගුවට ගන්න - නීතිපති

Published in පුවත්
Tuesday, 07 July 2015 07:50

සිය නිවසේ සිටි මෙහෙකාරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සරත් ද ආබෲ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා රහස් පොලිසියට අනුමැතිය දී තිබේ.

ඉදිරිපත් වූ සාක්කි උධෘත හා වෛද්‍ය වාර්තා ඉතා සැලකිල්ලෙන් සලකා බලා මෙම පියවර ගෙන ඇති නීතිපතිවරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් වරෙන්තුවක් මත අත්අඩංගුව‍ට ගැනීම සිදුකරන ලෙසට රහස් පොලිසියට උපදෙස් දී තිබේ.

පහරකෑමෙන් පසු රෝහල් ගත කළ වින්දිත ගෘහ සේවිකාව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ වාර්තා අධිකරණ වෛද්‍ය වාර්තාව විමර්ශනය කර ඊයේ (6) සවස 2. ට පමණ නීතිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබේ. මෙයට පෙර අවස්ථාවක දී ද මෙවැනි පැමිණිල්ලකට විනිසුරු ආබෲ මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා රහස් පොලිසියට උපදෙස් දී තිබුණි.

සිය පිස්තෝලයෙන් වින්දිත ගෘහ සේවිකාවට පහර දී හිරිහැර කළ බවට විනිසුරුවරයාට එරෙහිව පොලිසිය කරුණු වාර්තා කර ඇත.

dinamina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us