සිවුරු හැර අලුගෝසු වැඩේට සැරසීම

Published in පුවත්
Wednesday, 08 July 2015 11:08

යාපනයේ කයිට්‌ස්‌හිදී සමූහ දූෂණය කොට ඝාතනය කරනු ලැබූ පාසල් සිසුවියගේ ඝාතකයන්ට අධිකරණය මගින් මරණ දඬුවම් ලබාදුනහොත් සිවුරු හැරලා අළුගෝසුවා කාර්ය කිරීමට තමන් සූදානම් බැව් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ඊයේ (07) දකුණු පළාත් සභා රැස්‌වීමේදී පවසා අැත.

පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්‌වෙමින් සමිත හිමියෝ මෙම අදහස් පළ කර තිබුණි.

දරුවන් වෙනුවෙන් මා අළුගෝසුවාගේ කාර්ය භාරය කරලා හිත හදාගෙන සිවුරු හැරලා වනගත වෙලා භාවනා කරනවා. මා භික්‍ෂුවක්‌. කාටවත් වෛර කරන්නේ නැහැ. අපේ රටේ එල්ලුම්ගහ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එල්ලුම් ගහට අළුගෝසුවන් තෝරාගත්තත් ඔවුන් රාජකාරිය කරන්න කැමැති නැහැ. ඉවත්වෙලා යනවා. නමුත් යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණයට ලක්‌කොට ඝාතනය කරනු ලැබූ වින්ද්‍යා දැරියගේ ඝාතකයන්ට අධිකරණයෙන් මරණ දඬුවම නියම වුවහොත් දරුවන්ගේ නාමයෙන් මා අළුගෝසුවාගේ කාර්ය කරනවා.

යනුවෙන් පවසා අැත.

විද්‍යාගේ ඝාතනය උතුරට දැනුන තරම්ම දකුණටත් ලක් වාසී බොහෝ දෙනෙකුට දැනුන බව සැබෑවකි.අනෙක් අතට ඒම අමානුෂික සිදුවීම මතින් දේශපාලන වාසි ලබා ගන්නට වැරදි මතයක් ජනතාවට ඉදිරිපත් කරන්නට උත්සාහ දැරූවන්ද ඒ අතරම වාසය කළ බවද පැහැදිලි වූ කරුණකි. විද්‍යාගේ මරණය දේශපාලන අවස්ථාවාදයට යොදාගනිමින් සිටි සමය යළි අැරඹෙන්නට කාලය පැමිණෙන බවට ලකුණු පහළ වෙමින් පවතී. පාර්ලිමේන්තු මැතිවරණය සමග ජනතාවගේ අවධානය දිනා ගැනීමට කටයුතු කරන්නන් විරළ නොවෙනු අැත.එවැනි වූ අවස්ථාවාදීන්ට ස්ත්‍රීන්ගේ ඛේදවාචකයක් මතින් සමස්ත සමාජයේ අවාසනාවන්ත මුහුණුවරක් තුළින් වාසි පතන්නන්ට දිය යුතු දඩුවම කුමක්ද යන්න ජනතාව තීරණය කළ යුතුය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us