ප්‍රශ්න කරන්න ඉඩ නොතියා ප්‍රශ්න පත්තර හදන්න

Published in පුවත්
Wednesday, 08 July 2015 11:32

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී හා පිළිතුරු පත් ඇගයීමේ දී ඒ සඳහා සුදුසු ප්‍රාමාණික දැනුමක් ඇති උගතුන් යොදා ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විභාග දෙපාර්තමේන්තුවට නියම කර ඇත.

2014 උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය දෝෂ සහගත බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමණිල්ල විභාග කර නිර්දේශ ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ආර් පී පෙරේරා මහතා ඒ බව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සහ අධ්‍යාපන ලේකම් වගඋත්තරකරුවන් කරමින් ගොනු කළ එම පැමිණිල්ලේ මැදිහත් පාර්ශ්වයක් ලෙස මහාචාර්ය අතුල රණසිංහ මහතා ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් කටයුතු කළහ.

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වද්දී ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති මාහාචාර්ය හා ආචාර්යවරු කිහිප දෙනකුගෙන් කරුණු විමසූ බවත්, ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ හා පිළිතුරු පත්‍රයේ සඳහන් කර ඇති පිළිතුරුවල ද ඇපහැදිලිතා ඇති බව හා නිවැරදි නොවන කරුණු අඩංගුව ඇති බව ඔවුන් අවධාරණය කළ බවත් මානව හිමිකම් කොමිසම පවසයි.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යනු ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රජාව මුහුණ දෙන කඩයිම් විභාග දෙකකි. එම විභාගයන්හිදී විභාග දෙපාර්තමේන්තුවෙන් ගැටළු ඇතිවේ නම් එය විභාගයේ තරඟකාරිත්වයට හා විශ්වාසනීයත්වයට බාදා ඇති කරන බව ද, එමගින් විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි රට තුළ පවත්නා යහපත් ආකල්පය බිඳ වෙන බව ද මානව හිමිකම් කොමිසමේ සභාපති ප්‍රියන්ත ආර් පී පෙරේරා මහතා විසින් විභාග දෙපාර්තමේන්තුවට යැවුණු ලිපියේ සඳහන්ය.

නමුත් මීට පෙර විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කර තිබුණේ ප්‍රශ්නපත්‍රයේ කිසිදු වරදක් නැති බවයි.

කෙසේ වෙතත් පසුගිය කාලය තුළ අවස්ථාවකදී දෙකකදි නොව කිහිපවිටකම ප්‍රශ්න පත්‍ර සකස්කිරීමේ හා පිළිතුරුපත් අැගයීමේදී බරපතල අවුල් සහගත තත්වයන්ට මුහුණ දීමට සිදුවූයේය. ඒ හැම අවස්ථාවකදීම මෙම දෝෂ සහගත තත්වයන් තුළින් සෘජුවම පීඩාවට පත්වන්ෙන් සහ අසාධාරණයට ලක් වන්නේ විභාගයට මුහුණදෙන ශිෂ්‍ය ප්‍රජාවයි. අධ්‍යාපනය යන කඩයිම දරුවෙකුගේ ජීවිතයට වැදගත් හා තීරණාත්මක වන බව පිළිගනී නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට බැදි සිටින විභාග දෙපාර්තමේන්තුව තම වගකීම නිසි අාකාරව ඉටු කිරීමෙන් බැහැරව පිස්සු නටයි නම් ඒ තත්වය බලපාන්නේ අවසාන වශයෙන් රටටමය.

මේ තත්වය සැලකිල්ලට ගෙන දුර්වලතා මගහරවා ගෙන වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට කටයුතු කිරීම විභාග දෙපාර්තමේන්තුවේ කාර්යයි. අධ්‍යාපනය නගා සිටුවීමට වෙර දරන අතරේම මෙවැනි දුර්වලතා මගහරවා ගැනීම අත්‍යාවශ්‍ය වනු අැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us