පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට කෝටි හතක් වැයවෙනවා

Published in පුවත්
Wednesday, 15 July 2015 10:34

නීති උල්ලංඝනය කරමින් දේශපාලනඥයින් ප්‍රදර්ශනය කරන කටවුට් සහ පෝස්ටර් බැනර් ආදිය ඉවත් කිරීම සදහා ජනතාවගේ මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් වැය කිරීමට සිදු වී ඇති බව පොලිසිය පවසයි.

මෙම කාර්යය සඳහා කම්කරුවන් එක්දහස් නවසීයක් බඳවා ගෙන ඇත.

මැතිවරණ නීති කඩ කරන අවස්ථා වීඩියෝ ගත කර පොලිසියට ලබා දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

නාම යෝජනා ලබා දුන් දිනයේ දී නීති විරෝධී පෙළපාලි ගිය කණ්ඩායම් පිළිබඳව විමර්ශනය කර නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මැතිවරණ නීති වලට අනුව අපේක්‍ෂකයෙකු ගෙන් ගෙට ගොස් ඡන්දය ඉල්ලා සිටීම ද නීති විරෝධී කටයුත්තක් බව ඔහු අවධාරණය කරයි.

ජනතා මුදල් කොල්ලකා මැතිවරණ ප්‍රචාරණයන් සිදු කළ පිරිසගේ කැරැට්ටුව හෙළිදරව්වී ඇති සමයක නීති උල්ලංඝනය කරමින් දේශපාලනඥයින් ප්‍රදර්ශනය කරන කටවුට් සහ පෝස්ටර් බැනර් ආදිය ඉවත් කිරීම සදහා ජනතා මුදල් කෝටි හතකට අධික ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම අපරාධයකි. එනිසා අනවශ්‍ය අයුරින් පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කර ජනතා මුදල් නාස්තියට වගකිව යුතු පිරිසද වගකීමක් රහිත පිරිසක්මය.ඔවුන්ගෙන් ඉදිරියේදීද ජනතාවට බලාපොරොත්තුවිය හැකි සහනයක් නොවෙනු ඇත. මේ නිසා ජනතාව මේ පිරිස ගැනද වගබලා ගත යුතුමය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us