ශ්‍රීලනිපය නොසන්සුන් වෙයි

Published in පුවත්
Wednesday, 15 July 2015 10:58

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) සිදුකළ විශේෂ ප්‍රකාශය නිසා එජනිසයේ බොහෝ දෙනෙක් නොසන්සුන්තාවකට පත්ව ඇති බව වාර්තාවේ.මෙම ප්‍රකාශය නිසා ගැඹුරු දේශපාලන ප්‍රශ්න හා සැකසංකා මතුවන බව ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මේ ගැන සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව වහාම කැඳවන ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩිලාන් පෙරේරා ඉල්ලා ඇත.

එජාපය හා වෙනත් දේශපාලන බලවේගවලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ඉඩ නොදිය යුතු නිසා වහාම මේ ගැන පියවර ගතයුතු බව ඩිලාන් පෙරේරා පවසයි.

ඒ අනුව අද (15) රාත්‍රී 8.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ කමිටු රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

පවතින තත්වය හමුවේ ශ්‍රීලනිපය කුමක්කළ යුතුද යන්න සිතාගත නොහැකි තත්වයක සිටින බව ප්‍රකාශකයෙකු පැවසුවේය.මෛත්‍රීපාල සිරිසේන මහතාව පාලනය කර ගැනීමට නොහැකිවීම ගැන ඔවුන් එකිනෙකාට දොස් පවරාගනිමින් සිටින බවත් සැලවේ.

Last modified on Wednesday, 15 July 2015 11:02

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us