විමල්ට දුමින්ද සිල්වාගේ සහය !

Published in පුවත්
Wednesday, 15 July 2015 15:55

කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක විමල් වීරවංශ මහතාට මෙවර නාම යෝජනා නොලැබූ දුමින්ද සිල්වාගේ සහය හිමිවන බව දැන ගැනීමට තිබේ. දුමින්ද සිල්වා මහතාගෙන් හා ඔහුගේ සොහොයුර වන රෙනෝ ද සිල්වා මහතාගෙන් මෙවර විමල් වීරවංශ මහතාට සහය ලබා දෙන මෙන් ඉල්ලා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන ප්‍රබල අපේක්ෂකයකු විසින් බව ද හෙළිවේ. ඒ වෙනුවෙන් මෙවර මැතිවරණ ප්‍රචාරක දැන්වීම ‍රැසක් හිරු නාලිකාවට ලබා දෙන බවටද පොරොන්දු වී ඇත.

මේ ගනුදෙනුව සිදුව ඇත්තේ දුමින්ද සිල්වා මහතාට සන්ධානයෙන් නාම යෝජන ලබා දීමට කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක තිලංග සුමතිපාල මහතා දැඩිව විරුද්ධ වීම නිසා බවත් ඔහුට එම නාලිකාව හරහා පහර දිය යුතු බවත් මෙහිදී ඉල්ලීමක් කෙරී තිබේ.

තිලංග සුමතිපාල මහතා හා දුමින්ද සිල්වා මහතා අතර වසර ගනනාවක විරසකයක් පවතී. කොළඹ කුඩු වෙළදාම සම්බන්ධයෙන් පැවැති ආරවුලක් හේතුවෙන් මේ ප්‍රශ්නයට ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාද එවකට මැදිහත්ව තිබිණි. ඔහු ඝාතනයට ලක් වූයේද එම ගැටලුවේ ප්‍රතිපලයක් ලෙසිනි.

තිලංගව පරදවා විමල්ව දිනවුවහොත් දුමින්ද සිල්වාගේ ව්‍යාපාරික කටයුතුවලට හානියක් නොවන ලෙස බලා ගත හැකිවීමත් තමන්ට විස්වාසදායක සගයකු පාර්ලිමේන්තුවට පත් කර ගත හැකි බවත් මෙහිදී අවධාරණය කෙරී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us