මෛත්‍රී ශ්‍රී ලනිප බලය අතට ගනී.! මධ්‍යමකාරක සභාවට අධිකරණ නියෝගයක්

Published in පුවත්
Wednesday, 15 July 2015 17:06

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා ‍රැස්වීම වැලැක්වීම සඳහා අද(15) දින අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් විය. ලබන 29 වන දින දක්වා මෙම වාරණ නියෝගය බලපවත්වන බව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබීය.

ඒ අනුව අද දින ශ්‍රී ලනිපයේ මැතිවරණ මෙහෙයුම් සම්බන්ධයෙන් තීරන ගැනීම සම්පුර්ණයෙන්ම ජනාධිපතිවරයා අතට ගෙන තිබේ.

මෙවර මැතිවරණයට සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟවදින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සෝලංගආරච්චි මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාව අනුව එහි මධ්‍යම කාරක සභාව රැස් කළ හැක්කේ එහි සභාපතිත්වය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බවයි.

Last modified on Wednesday, 15 July 2015 18:31

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us