සන්ධාන ලැයිස්‌තුවට දූෂිතයින් ඇතුළත් කළේ ඇයිදැයි සුසිල් හෙළි කළයුතුයි - අතාවුද සෙනෙවිරත්න

Published in පුවත්
Thursday, 16 July 2015 08:25

මහා මැතිවරණය සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සකස්‌ කළ නාමයෝජනා ලැයිස්‌තුවලට දූෂිතයන් සහ හොරුන් ඇතුළත් කළේ ඇයි දැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මහලේකම් වරයා රටට වහාම හෙළිකළ යුතු යෑයි හිටපු අමාත්‍ය කෑගල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කණ්‌ඩායම් නායක අතාවුද සෙනෙවිරත්න මහතා පැවසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නාමයෝජනා සැකසීම සම්බන්ධව වැඩිදුරටත් කරුණු දැක්‌වූ අතාවුද සෙනෙවිරත්න මහතා මෙසේද කීය. මම නායකත්වය දරන කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ සන්ධාන ලැයිස්‌තුවටත් දූෂණ සහ වංචා චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් දෙදෙනකු ඇතුළත් කර තිබෙනවා.

සන්ධාන නාම යෝජනා සකස්‌ කිරීමේ කටයුතුවලට තමන් කිසිම බලපෑමක්‌ එල්ල නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබෙනවා. එසේ නම් දූෂිතයන් නාම යෝජනා ලැයිස්‌තුවලට ඇතුළත් කළේ කවුද? ඒ සඳහා බලපෑම් කළේ කවුද කියා සන්ධාන ලේකම්වරයා හෙළි කළ යුතුයි.

හොරුන් සහ දූෂිතයන් සන්ධාන නාමයෝජනා ලැයිස්‌තුවලට රිංගා ගෙන සිටීම නිසා ප්‍රතිපත්තිමය දේශපාලනයක්‌ කරන තමන්ට ජනතාව ඉදිරියට ගොස්‌ ඡන්දයක්‌ ඉල්ලීමට බැරි තත්ත්වයක්‌ උදාවී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


divaina

Last modified on Thursday, 16 July 2015 09:04

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us