මහීපාල හේරත්ගේ ගංජා තොගයක් අත් අඩංගුවට

Published in පුවත්
Saturday, 18 July 2015 14:37

ගන්ජා කීලෝ 3ක් සමග සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්ගේ ආරක්ෂක රථය මීට ස්වල්ප මොහොතකට පෙර පොල්ගහවෙල සුරාබදු නිලධාරීන් විසින් පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුට ගෙන තිබේ.

එහි සිටි ආරක්ෂක නිලධාරීන් සමග රථය මේ වනවිට කෑගල්ල දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මේඅතර සිය ආරක්ෂක රථය අත්අඩංගුවට ගත් බව දැනගත් මහ ඇමතිවරයා කෑගල්ල පොලීසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ සිය ආරක්ෂක රථය අතුරුදහන් වී ඇති බවය.

සබරගමුව මහ ඇමතිවරයාගේ ආරක්ෂාවට ලබා දී තිබෙන  පොලිස් වෑන් රථය යොදා ගනිමින් ගංජා ප්‍රවාහනය කරමින් තිබියදී අද (18) උදෑසන සුරාබදු වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙවර මහ මැතිවරණයට මහීපාල හේරත් මහ ඇමතිවරයාගේ පුත් කනක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ පිල වෙනුවෙන් නාම යෝජනා ලබා දී ඇත.

මෙම සිදුවීම මාධ්‍ය වෙත වාර්තා නොවීම සඳහා මහ ඇමති මහීපාල හේරත් දැඩි ප්‍රයත්නයක යෙදුණු බවද අනාවරණය වේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි රියැදුරු වශයෙන් සිට ඇත්තේ මහ ඇමතිවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටින පොලිස් නිලධාරියෙක්ය.

මේ වනවිට පොලිසිය විසින් සියලු නීතිමය කටයුතු ආවරණය කර ඇති අතර අද සවස් වරුවේ නඩු භාණ්ඩ හා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Last modified on Saturday, 18 July 2015 16:53

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us