ශ්‍රී ලනීප එජාප ජවිපෙ තුනම එකක්මය. ඡන්දය දිය යුත්තේ හොඳ අපේක්ෂකයාට පමණය.

Published in පුවත්
Tuesday, 21 July 2015 15:55

මේ ජනාධිපතිවරණය නොවේ. ඔබේ පාර්ලිමේන්තු නියෝජිතයා ‍තෝරගනු ලබන මැතිවරණයයි

ජනාධිපතිවරණයේදී මහින්දට හෝ මෛත්‍රීපාලට ඡන්ද පාවිච්චි කළා කියලා මේ මැතිවරණයේදී ඔවුන්ගේ නියෝජිතයන්ට ඡන්දය පාවිච්චි කළ යුතු නැත.

ඔබේ නියෝජිතයා ඊට සුදුසු දැයි මුලින් විමසන්න. ජනතාවගේ ගැටලුවලට ඇහුම්කන් දෙන ඒ වෙනුවෙන් ඉදිරිපත්වෙන කෙනෙක්දැයි දැන ගන්න. සමාජය වෙනුවෙන් නිර්ව්‍යාජව පෙනී සිටින්නෙක්දැයි සොයා බලන්න , දූෂිතයෙක් වංචාකාරයෙක් අපරාධකාරයෙක් මත්ද්‍රව්‍යා ජාවාරම් කාරයෙක් ස්ත්‍රී දූෂිතයෙක් ළමා අපරාධකරුවෙක්දැයි සැක හැර දැන ගන්න.

ඔබේ නියෝජිතයා කවුදැයි ඔබ තීරණය කළ යුත්තේ ඔබට පමණක් නොව ඔබේ ඥාතියාට අසල් වැසියාට ඔබේ දුවා දරුවා ඇතුළු අනාගත පරපුරේ සුගතියට උර දෙන්නෙකුටය. ඊට පක්ෂ බේදයක් අවශ්‍ය වන්නේ නැත. පක්ෂ ප්‍රතිපත්තියකින් වුව වැඩකදු නැත. පක්ෂ ප්‍රතිපත්ති යනු බොරුවකි. පාට පාට කඩදාසි ගොන්නකි.

පාලන බලය ගත් විට කවර ඉරණමක් අත්වූවද අද ශ්‍රී ලනීපය එජාපය හෝ ජවිපෙ යන ප්‍රධාන සිංහල පක්ෂවල ප්‍රතිපත්තීන්හී පරස්පරයන් ඇත්තේ නැත. මේ පක්ෂ තුනම විවෘත ආර්ථිකය පිළිගනී. ආර්ථිකයේදී පෞද්ගලික අංශය වඩා ප්‍රමුඛ බව පිළිගනී. රටේ ඒකීය භාවය පිළිගනී. රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය වඩා ප්‍රමුඛකත්වයෙහිලා පිළිගනී. සිංහල දෙමළ භාෂා ජාතික භාෂාවන් ලෙස පිළිගනී. නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවාව පිළිගනී.විධායක ක්‍රමය නොපිලිගනී. පාර්ලිමේන්තු ක්‍රමය පිළිගනී. අධිකරණයේ ස්වාධීනත්වය පිළිගනී. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය පිළිගනී....

දූෂණයට වංචාවට නාස්තියට විරුද්ධය. ඔවුන්ගේ වෙනස් ක්‍රම ප්‍රකාශ වන්නේ මෙලෙස දූෂණයට වංචාවට එරෙහි ආණ්ඩුවක් වෙනුවෙන් තමන්ගේ නියෝජිතයන්ම පත් කර ගැනීමට පැවැසීම තුලය.

මේ නිසා වඩා හොඳ යහපත් අපෙක්ෂකයකු ඔබේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට පත්කර හරිනවාට වඩා දෙයක් මෙවර මැතිවරණයේදී ඔබට කල්පනා කිරීමට ඉතුරුවන්නේ නැත.

හරි සරලය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us