මිරිහානේ සුදු වෑන් එක මහින්දගේ හෙංචයියෙකුගේ !

Published in පුවත්
Tuesday, 21 July 2015 18:40

ඊයේ රාත්‍රී 7.30ට පමණ පොලීසිය මිරිහාන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් වෑන් රථය මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වාගේ ආරක්ෂාවට යොදවා ඇති එකක් බව හෙළිව තිබේ. පසුගිය රාජපක්ෂ සමයේදී රාජපක්ෂවරුන්ගේ හෙංචයියකු ලෙස මෙම මේජර්වරයා කටයුතු කළ අතර ඔහුට ලන්ඩන් මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමක්ද ලබා දෙන ලදී.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී ඔහු යම් මෙහෙවරක් කළ අතර එයින් 'රණවිරුවකු'ලෙස බෞතිස්සම වූයේය. යුද්ධයෙන් අනතුරුව ඔහු රාජපක්ෂවරුන්ගේ දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටියේ 'රණ විරුවකුට' තරම් නොවන ලෙසය.

මිරිහාන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය වෙමින් පැවති සුදු පැහැති මෙම වෑන් රථය  නවත්වා එහි ගිනි අවි සමග සිටි තිදෙනෙකු  පොලීසිය අත් අඩංගුවට ගන්න ලදී .මෙම සිදුවීම මහින්දවාදීන් මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය හෝ පැහැර ගැනීමට වත්මන් ආණ්ඩුව ගන්නා ලද උත්සාහයක් බවට පුවත් පළ කරන ලදී.

මිරිහාන පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ අත්අඩංගුවට ගත් තිදෙනා සිවිල් ඇඳුමින් සැරසී සිටි යුද හමුදා සෙබළුන් බවයි. ඔවුන් පවසා ඇත්තේ තමන් මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වාගේ ආරක්ෂාවට යොදවා ඇති බවය.

මේ අතර අදාල වෑන් රථය පිලිබඳව සොයා බැලීමේදී හෙලි වී ඇත්තේ අදාළ වාහන අංකය කැබ් රථයකට අයත් එකක් බවයි. මේ අනුව අදාල සෙබලුන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පැවසීය.

මේ අතර අප කළ විමසීමකදී හමුදාපතිවරයා සඳහන් කළේ අදාල සෙබලුන් තිදෙනා මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වාගේ ආරක්ෂාවට යොදවා සිටින බවයි. කෙසේ වෙතත් ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රථයක සිවිල් ඇඳුමෙන් සැරසී ගිනි අවි රැගෙන යාම යුද හමුදා නීතිය උල්ලංඝණය කිරීමක් බව ඔහු අවධාරණය කළේය.

එහෙයින් මේ සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් කිරීමට යුද හමුදා පොලීසියට නියෝග කර ඇතැයි ද ඔහු සඳහන් කලේය.

මෙම සිද්ධිය පසුපස රාජපක්ෂවරුන් සිටීදැයි පරීක්ෂණ අරඹා තිබේ.

 

lankaleacks.info ඇසුරෙණි



 

Last modified on Tuesday, 21 July 2015 19:04

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us