ගෝඨා තමයි සුදුවෑන් සංස්කෘතිය අැති කළේ-ජෝසෆ් මයිකල් පෙරේරා

Published in පුවත්
Wednesday, 22 July 2015 13:40

මාධ්‍යවේදීන්, මුලු රටේම ජනතාව , වෘත්තීය සමිති අාදී සියල්ල මර්දනය කරීමට ෙයාදා ගත් සුදු වෑන් සංස්කෘතිය පිළිබද පළමු වතාවට මිරිහාන පොළීසිය සොයා ගැනීමක් කර අැති බවත් මේ ඔස්සේ සුදු වෑන් සංස්කෘතියේ සුළ මුළ අනාවරණය කර ගත හැකි බව ජෝසෆ් මයිකල් පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණු මධ්‍යස්ථානයේ අද(22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හමුදා නිලධාරි තිදෙනෙක් සමග නොම්මර තහඩු වැරදියට අැති මෙම වාහනය LTTE සංවිධානයට අයත්ව පැවති වාහනයක් වූ අතර පසුව හමුදා භාරයට රැගෙන හිටපු අාරක්ෂක අැමති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ ලියාපදිංචි නොකර විවිධ කටයුතු වලට යොදා ගෙන අැති බව අනාවරණය වී අැත.මෙම සිදුවීම හරහා සුදුවෑන් සංස්කෘතිය පිළිබද මුලක් අල්ලා ගත හැකි වී අැති බවත් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා මෙවැනි සිදුවීම් මතුවට සිදුවීම වැළැක්වීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

මීට පෙරාතුව අප සුදු වෑන් පිළිබද අප දැන සිටියේ මිනිසුන් පහැර ගන්නා බව උස්සාගෙන ගොස් මරන බව පමණක් වූවත් මේ සිදුවීම හරහා විශාල අනාවරණයකට යා හැකි බවත් පැවසුවේය. හමුදාව තුළ LTTE සංවිධානයෙන් අල්ලා ගත් වාහනයක් ලියාපදිංචි නොකර හමුදා නිලධාරීයෙක් විසින් භාවිතා කිරීම භයානක තත්වයක් බවත් අමාත්‍යවරයා පැවසුවේ.නමුත් ඒ සුදුවෑන් සංස්තෘතිය වෙනස් කිරීම යහපාලන අාණ්ඩුව සිදු කළබව පැවසුවේය.

හමුදාව විසින් LTTE සංවිධානයට අයත්ව තිබූ වාහන ඔවුන්ගේ භාරයට ගැනීම සමග ඒ කටයුතු වල මූලිකත්වය දීම සහ මෙහෙයවීම සිදු කරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ බවත් ඒ නිසාම ඔහු මේ සුදුවෑන් සංස්කෘතිය පිටුපස සිටින බවත් අමාත්‍යවරයා පැවසුවේය.

කෙසේ වෙතත් ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රථයක සිවිල් ඇඳුමෙන් සැරසී ගිනි අවි රැගෙන යාම යුද හමුදා නීතිය උල්ලංඝණය කිරීමකි.මෙම වාහනයෙහි සිටි සෙබළුන් ලඟ තිබී මිලිමීටර් 09 වර්ගයේ 245 PR 12316 දරන රිවෝල්වරය හා මිලිමීටර් 09 ජීවඋණ්ඩ 13ක් සොයාගෙන අැති අතර මෙම රිවෝල්වරය භාවිතා කරන ලද සෙබළා විසින් 2009 වසරේ සිට තමන් මෙය පාවිච්චි කරනු ලබන බව පොලීසියට පාපෝච්ඡාරණය කොට තිබේ. ඔහුට මෙය ලබාදී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුවය. සුදු වෑන් සංස්කෘතිය ගොඩනැගුවේ රාජපක්ෂලාගේ මැරකම්,ජඩකම් සඳහාය.දැන් හොද මූණක් අාරූඩ කරගෙන ජනතාව ඉදිරියට පැමිණ වහසි බස් ෙදඩුවද මේ හතරැස් බොරුවලට ලංකාවේ මිනිස්සු රැවටුණ කාලය හමාරවී අැත. කෙසේ වෙතත් සුදවෑන් සංස්කෘතියේ පුරෝගාමීයාවූ හිටපු අාරක්ෂක ලේකම්වරයාගේ කැරැට්ටුව ඉතා ඉක්මනින්ම දිග හැරෙනු අැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us