පහළ කඩේ යාලූවා සහ මැදමුලන දන්දිනා හාමිණේ.

Published in පුවත්
Friday, 24 July 2015 12:38

පසුගියදා ඡන්ද රැස්වීමකදී මහින්ද රාජපක්‍ෂ හොරා යන්න විග‍්‍රහ කර තිබිණ. ඒ අනුව සිවුරු හොරා නම් කුරුල්ලාට ඒ නම ලැබී ඇත්තේ හොරකම් කළ නිසා නොවේ. සුදු රෙදි හොරාට ඒ නම ලැබි ඇත්තේ හොරකම් කළ නිසා නොවේ. මේ විග‍්‍රහය දිගට කරගෙන යන මහින්ද රාජපක්‍ෂ තමන්ට හොරා හොරා හොරා කියන අපවාදයෙන් ගැලවෙන අලුත් සූත‍්‍රය ඉදිරිපත් කරමින් කතාව පටන් ගත්තේ එසේය.

‘‘හාමුදුරුවනේ මැකො කියන්නේ මැතිවරණ කොමසාරිස්ට. ප‍්‍රාලේ කියන්නේ ප‍්‍රාදේශීය ලේකම්ට. ඒ අනුව හොරා කියලා මට කියන්නේ ඇයි මම හොඳ රාජ්‍ය පාලකයා නිසා. මොකා විග‍්‍රහ සකස් කර දුන්නත් මරු විග‍්‍ර‍්‍රහය.

මහින්ද රාජපක්‍ෂ මේ කතාව කියන්නේ නිකම් නොවේ. මැද මුලන මහ ගෙදර කිට්ටුව කඩයක් තිබිණ. ඒ බොහෝ කලකට පෙරය. ඒ කඩේ දැන් නැත. ඒ මහින්ද රාජපක්‍ෂලාට නැති බැරි කාලයේ ණයට බඩු ගැනීම නිසාය. සත්තකින්ම කඩේ බංකොලොත් වුනා නොවේ. අද රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කළා වාගේ ශී‍්‍රලනිපය ඉවර කළා වාගේ මහින්ද රාජපක්‍ෂලා ඒ කඩයත් ණය නොගෙවීම නිසා බංකොලොත් විය. ජොනියා සතොසෙන් සල්ලි නොදි බඩු ගත්තේත් ඒ මැදමුලන ක‍්‍රමය අනුවය. වීරවංශයා දිනපොත් ගහන මුවාවෙන් ගසා කෑවේ එහෙමය. බැසිල් සමෘද්ධි සල්ලි වලින් ලිත් ගැහුවේ එහෙමය. වටිනාපහ සඟ කෝටි හතරක් ටෙලිකොම් සල්ලි අරගෙන සිල් රෙදි 500ක් විතරක් ගත්තේ එහෙමය.

කඩේ බංකොලොත් වූ පසුව මුදලාලියා රස්තියාදු වෙන්න පටන් ගත්තේය. මුදලාලිට ගමේ අය කීවේ පල්ලෙහා කඩේ මුලලාලි කියාය. ඒ කාලේ මහින්දලා රජ වී තිබුණේ නැත. බංකොලොත් මුදලාලි ගම වටේ ඇවිදිමින් තමන්ගේ කඩය වැසුණේ මැදමුලන අර්වින් කාරයාගේ පවුල නිසා බව කියන්ට පටන් ගත්තේය. ඒකා අතන මෙතන මැදමුලන එවුන්ගේ ජාතකය අදින්ට පටන් ගත්තේය. ඒ නිසා ගමේ අය මුදලාලි හැඳීන්වුවේ පල්ලෙහා කඩේ යාලූවා කියාය.

‘‘අන්න පල්ලෙහා කඩේ යාලූවා වලව්වේ සායම යවනවා. පල්ලෙහා කඩේ මුදලාලි පල්ලෙහා කඩේ යාලූවා වුණේ එහෙමය.
‘‘පස්සේ පස්සෙ මැද මුලන කට්ටිය හොඳ රාජ්‍ය පාලකයාට රටේ එවුන් කිව්වා වාගේ කෙටි නමක් තියා ගත්හ. ඒ නම් තැබීම මැතිවරණ කොමසාරිස්ට මැකො, ප‍්‍රාදේශීය ලේකම්ට ප‍්‍රාලේ කී වර්ගයේ එකකි.

ඒ නම හැදුණේ පල්ලෙහා කඩේ යාලූවා යන්න කෙටි කර වීරකැටියේ එවුන් කී ආකාරයටය.

ඔන්න එක දවසක පල්ලෙහා කඩේ යාලූවා මෙසේ කියා ඇත.
‘‘අරන්ගේ ජාතකේ හොඳ නැහැ. හරියටම රාජපක්‍ෂලා කියන්න පුළුවන් ඞී.ඇම්.රාජපක්‍ෂගේ එවුන්ට විතරයි. මුන් පස් පඳුරු බල්ලෝ. මටත් කෙලියා. දවසක රට ඇල්ලූවොත් රටටත් කෙළිනවා.’’ මේ කතාව මැද මුලන ගෙදරට ටක් ගාලා ආරංචි වුණා.

’’ආන් අරූ තොපෙ විතරක් නොවෙයි මගේ පතිවෘතාව ගැනත් කතා කරන්න පටන් අරන්. වෙන ගෙවල්වල එවුන් ණයට කාලා නොගෙවා හිටියාම ණය කාරයෝ වෙනවා. දැන් උඹලාට ගමේ එවුන් කියන්නේ ණය කාරයෝ කියලා නොවෙයි. වේසිගේ පුත්තු කියලා.’’ කතා ඉවසන්න බැරිව දන්දිනා හාමිනේ එහෙම කියලා තියෙනවා.

‘‘අම්මා ඔය පකයාගේ කතා ගණන් ගන්ට එපා. අම්මා සනසන්න මහින්ද එහෙම කියලා. තමන් ඉදිරිපිට අමු කුණුහරුප කියන පුතණ්ඩියා ගැන ලජ්ජාවෙන් අම්මා වාස්ප වුනා. හැබැයි එහෙම යන තමන් තොගෙ ජාතකේ වැරැද්ද කියලා අර අම්මා කියලා නැහැ. හිතා ගත්තා විතරයි.
මේ කතාව අහගෙන සිටි චමල් අයියා මෙසේ කියා ඇත.

‘‘මොකක්ද යකෝ අර අම්මා ඉස්සරහ කියපු කුණුහරුපේ තොට ලජ්ජා බය නැද්ද හැදිච්චි පවුලක එකෙක් වාගේ හැසිරියන්.’’
‘‘යකෝ මම කිව්වේ කුණුහරුපයක් නොවෙයි. පල්ලෙහා කඩේ යාලූවා කෙටි කළාම පකයා කියලා චමල්ට තේරෙන්නේ නැද්ද?

කෝටි ගණනක් ආණ්ඩුවේ මුදල් ගසා කාලා හිරේ යන්න නියමිකව සිටින මහින්ද රාජපක්‍ෂ තමන්ට හොරා කියන එවුන් දෙකට නැමෙන්න දුන්න උත්තරේ හැදුනෙත් පල්ලෙහා කඩේ යාලූවා පකයා වූ විදියටමය. රටේ මිනිස්සු මහින්ද රාජපක්‍ෂට මරා කීවේ එයාගේ එක කෙටි කරලා නොවේ. ඒත් හොරා කියන එකමය. මහින්දලාගේ ගමේ ගොනා කියන්නේ අකුරු දෙකක වචනයක් නොවේ. එය ගොන් නාම්බා ලෙස කෙටි කළ හෙයිනි. ගිරුවා පත්තුවේ ගොනා කියන්නේ රටේ කියන අර්ථයෙන් නොවේ. ගොන් නාම්බා යන්න කෙටි කිරිමෙනි. ඒ ගම්වල පකයා කියන්නේ රටේ අනෙක් පළාත්වල එවුන් පකයා කියන තේරුමෙන් නොවේ. මැදමුලන ජාතකය හෙළි කළ මුදලාලි හඳුන්වන්නටය.

අපි මහින්ද රාජපක්‍ෂට එකක් කියමු.
‘‘තමුසෙගේ මොලේ කොලොප්පම් බව සැබෑය. එය රහසක් නොවන බව මේ වන විට රටේ අසූ නව ලක්‍ෂයක් ජනතාව තේරුම් ගෙන සිටිති. ඒ ටික තවම සුසිල් පේ‍්‍රම් ජයන්ත් අනුර පි‍්‍රයදර්ශණ යාපා දිනේෂ් විරවංශ ගම්මන්පිල දන්නේ නැතිවාය. ඒ කෂ්ඨීය ඒක තේරුම් ගන්නේ ඡන්ද ගණන් කළ පසුවය. එහෙත් අර අසරණ කුරුල්ලන් මේ කැත කතාවලට ගාවා ගන්න එපා.මොකද උන්ටත් කුණුහරුප නම් පට බැඳෙන්න පුළුවනිය.

නීරීක්‍ෂක.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us