මහින්ද දැන් නායකයෙක් නෙවේ පොරබදන්නෙක්

Published in පුවත්
Friday, 24 July 2015 12:27


රටට අවශ්‍යව ඇත්තේ සංසුන් මනසක් සහිත ප්‍රතිවිරුද්ධ මතවාද ඉවසා සිටීමට තරම් ධෛර්යයක් ඇති පුද්ගල පෞරුෂයක් මිසක රාජපක්ෂ මහතා වැනි සාමාන්‍ය ජනතාව සමග පොර බදන්නකු නොවන බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය වැඩිදුරටත් මෙසේ සදහන්ය.

මහින්ද රාජපක්ෂගේ දස වසරක පාලන සමය යනු තර්කයන් හා බොරුවෙන් සත්‍ය යටපත් කළ කාල පරාසයක්ම විය. දැන් ඔහු යළිත් වතාවක් උත්සාහ කරමින් සිටිනුයේ තර්කයෙන් හා බොරුවෙන් මහ පොළොවේ ඇත්ත යටපත් කිරීමටය. පසුගිය ජනාධිපතිවරණ සමයේ දී තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා අමූලික බොරු බේගල් බව කියමින් ප්‍රචාරක යුද්ධයක් රාජපක්ෂ දැන් අරාඹා තිබේ. පුවත්පත් පිටු පුරා දැන්වීම් පළ කරමින් තම කළු චරිතයට ගිලිහුණු වටිනාකමක් ලබා ගැනීමේ බාල උත්සාහයක, හිටපු ජනාධිපතිවරයා හා ඔහුට සහාය දෙන, ඔහුගේ පහනින් දියවන්නාව තරණය කිරීමට සිහින දකින කණ්ඩායම් නිරතව සිටී. එම බොරු බේගල් සමාජ ගත කිරීමේ දී නම සදහන් කිරීමට පවා ධෛර්යයක් හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ අන්තේවාසිකයන්ට නොමැති බව පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් මේ සිද්ධිය බරපතළ සිදුවීම් රැසක් නිර්මාණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ චරිතය උත්කර්ෂයට නැංවීම වෙනුවෙන් පසුගිය 21 වැනි දා ජාතික පුවත්පත් කිහිපයක පළ කර තිබූ දැන්වීමක සඳහන් කර ඇත්තේ තවමත් පරීක්ෂණ අවසන් නොවූ කාරණා කිහිපයක් පිළිබඳවය. එවැනි පසුබිමක මෙවැනි දැන්වීමක් පළ කිරීම යනු එම පරීක්ෂණ කටයුතුවලට කරන අයුතු මැදිහත් වීමක් බව පැහැදිලිය. අනෙක් අතට මෙම දැන්වීම පළ කර ඇත්තේ එය ප්‍රකාශයට පත් කරන්නා කවුරුන් ද යන්න පිටතට ප්‍රකාශ නොකරමිනි. එබැවින් එම දැන්වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම එහි නෛතික පදනම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය වහා යොමුවිය යුතුය. ඒ මෙම ක්‍රියාවම ඉදිරියේ දී යළිත් සිදුකිරීමට ඉඩ ඇති බැවිනි.

මහ මැතිවරණය ආශ්‍රිත ප්‍රචාරක ක්‍රියාවලිය තුළ එක්සත් ජාතික පෙරමුණට දිනෙන් දින හිමිවන ඉහළ ජනතා සහයෝගය හමුවේ රාජපක්ෂ හිතවාදීන් පරාජයෙන් වියරු වැටී සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ. කෙතරම් බොරු අවලාද සමාජගත කළ ද ජනවාරි 08 වැනි දා රටේ සිදු වූ නිහඬ විප්ලවය ආපසු හැරවීමේ කැමැත්තක් තමන්ට නොමැති බව ජනතාව යන යන තැන එක හඬින් රොද බඳිමින්, පෙන්වමින් සිටිති. එය දරාගත නොහැකි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීධූර අපේක්ෂකයා ජනතා නායකයෙකුට අනිවාර්යෙන් තිබිය යුතු සංසුන් මනස ද දැන් අහිමි කර ගෙන ඇත. එය හිටපු ජනාධිපතිවරයා වෙතින් ගිලිහෙමින් ඇති ආකාරය පසුගිය 21 වැනිදා අකුරැස්සේ කුප්‍රකට සිදුවීමේ දී මුළු රටටම දැනගත හැකි විය. අද මේ රටට අවශ්‍යව ඇත්තේ සංසුන් මනසක් සහිත ප්‍රතිවිරුද්ධ මතවාද ඉවසා සිටීමට තරම් ධෛර්යයක් ඇති පුද්ගල පෞරුෂයක් මිසක රාජපක්ෂ මහතා වැනි සාමාන්‍ය ජනතාව සමග පොර බදන්නකු නොවේ. මේ රට ඉදිරියට ගෙන යා හැක්කේත්, රට තුළ ස්ථාවරභාවයක් ගොඩනැගිය හැක්කේත් සංසුන් මනසක් හා ඉදිරි දැක්මක් සහිත නායකයෙකුට බව ජනතාව අද වේගයෙන් තේරුම් ගනිමින් සිටිති

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us