මහින්දට පොරොන්දු ඉටු කරන්න වෙන්නේ හොරකං කළ කුට්ටිය මහා භාණ්ඩාගාරයට ගෙනවිත් දාලයි

Published in පුවත්
Wednesday, 29 July 2015 14:41

අද වන විට මහින්ද රාජපක්ෂ විශ්මිත මැතිවරණ පොරොන්දු ලබා දෙමින් සිටින බවත් මේ පොරොන්දු ඉටු කිරීමට නම් ඔවුන් බලයේ සිටියදී හොරකං කළ කුට්ටිය ගෙනවිත් මහා භාණ්ඩාගාරයට දැමිය යුතු බව රෝසි සේනානායක මහත්මිය පැවසුවාය .අැය මේ බව පැවසුවේ අද(29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

මහින්ද රාජපක්ෂ ජනවාරි 08 දා ජනාධිපතිවරණයෙන් පැරදී අාපසු ගියේ රට බිලියන නව දාස් එකසිය විසි එකක් ණය කරමින් බවත් ඒ අනුව ඒකපුද්ගල ණය බර ලක්ෂ හතර හමාරක් බවට පත්ව අැති බවත් අැය පැවසුවාය.

එක්සත් ජාතික පෙරමුණ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වීම සමග මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය රටට පණදෙමු අලුතින් පටන්ගමු අනාතයට සහතිකයක් යනුවෙන් ඔවන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වූ බවත්,මේ වන විට මහින්ද රාජපක්ෂ පොරොන්දු රාශියක් ලබා දෙමින් ඉතා බාල්දු හා නින්දිත ආකාරයේ තත්වයකින් කටයුතු කරන බව පැවසුවාය.

අැය වැඩිදුරටත් පැවසුවේ අලුතින් බදින ජෝඩු සදහා ලක්ෂ දෙකක් ලබා දෙන බවත්, ගෙවල් ලබා දෙන බවත් ,රාජ්‍ය සේවක අවම වැටුප රුපියල් 25,000ක් බවට පත් කරන බවත්,මහපොළ 6000ක් බවට පත් රන බවත් සාමාන්‍ය පෙළ අසමත් වන්නන්ට රුපියල් 50,000 ක් ලබා දෙන බවත් පවසමින් නත්තල් පප්පා බදුව හැසිරෙන බවයි.

අවුරුදු 21 ක් බලයේ සිටියදී කිසිවක් සිදු නොකර දැන් නින්දෙන් අවදිවූවාක් බදුව හැසිරෙන බවත් යුද්ධය අවසන් වීමෙන් පසුව මේ රටට කිසිදු ආයෝජකයෙක් නොපැමිණීමට හේතුව වන්නේ ආයෝජකයින් ව්‍යාපෘතියක් සදහා යොදවන මුදලින් තුනෙන් එකක් කවරෙකුගේ හෝ සාක්කුවට යාමේ තත්වය බවත් මේ නිසා ආයෝජකයින් ආවාට වඩා වැඩි වේගයකින් ආපසුගිය බවත් පැවසුවාය.

එක්සත් ජනතා පෙරමුණු රජයක් යටතේ රැකියා ලක්ෂ 10 ක් ඇති කරන බවත් ඒ වෙනුවෙන් ආයෝජකයින් රැසක් මේ වන විටත් පෙළ ගැසී සිටින බව පැවසුවාය. ජීඑස්පී සහනය නිසා මේ වන විට අති විශාල වෙළද පළක් විවෘත වී ඇති බව ද පැවසුවාය.
රාජපක්ෂලාගේ බංකොළොත් ව්‍යාපෘති නිසා විශාල පාඩුවක් සිදුවූ බවත් අධික පොළියට ණය ලබාගෙන සිදු කළ සංවර්ධනය නිසා සිදුවූ පාඩුව පියවීමට වත්මන් ආණ්ඩුවට සිදුවී ඇති බවත් කීවාය.
පසුගිය කාලසීමාව තුළ රටේ ජනතාව සියල්ලන්ම සෑම දෙයකටම බදු ගෙවමින් මහින්දගේ පරපුර නඩත්තු කළ බවත් ඔහුව රජෙක් ලෙස තැබීමට ජනතාව පීඩිතයන් වූ බවත් අද වන විට විශ්මිත පොරොන්දු ලබා දෙමින් සිටින මහින්ද රාජපක්ෂ ජනවාරි 08 දා ගියේ බිලියන නව දාස් එකසිය විසි එකක් රට ණය කරමින් බවත් ඔහුගේ මේ පොරොන්දු ඉටු කිරීමට නම් ඔවුන් හොරකං කළ කුට්ටිය ගෙනවිත් මහාභාණ්ඩාගාරයට දැමිය යුතු බවත් පැවසුවාය.

21 සියවසට පැමිණ සිටින අපි තවමත් අපි කාන්තාවන් රට යවමින් ඩොලර් හම්බකරමින් ප්‍රධාන අාදායම උපයන බවත් , 21 වන සියවසට පැමිණ සිටියදීද තවමත් හිගන පොල්කට්ට අල්ලගෙන ලොව වටා ණය ඉල්ලමින් යාමට සිදුවන තත්වයකට රට පත්කිරීම ලැජ්ජා සහගත බවත් යුද්ධය අවසාන වූවත් කිසිවක් නොකළ මහින්දගේ සීනිබෝල පොරොන්දු වලට නොරැවටෙන ලෙස රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us