අලුතින් පටන් ගමු කියන්නේ පරණ සෙට් එකමයි

Published in පුවත්
Wednesday, 29 July 2015 15:49

මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වන 'රටට පණ දෙමු අලුතින් පටන් ගමු' හරසුන් ලේඛණයක් බවත් එයට ප‍්‍රතිපත්තියක් හෝ දර්ශනයක් නොමැති බවත් අජිත් පී පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

මෙසේ අලුතින් පටන්ගමු කියන්නේ පරණ පිරිසම බවත් මේ කණ්ඩායම තුළ එකදු වැදගත් දේශපාලන චරිතයක් හෝ අලුත් අදහස් ඇති එකම චරිතයක් වත් නැති බව පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අලුතින් පටන්ගමු කියන පිරිස අතර සිටින්නේ අවුරුදු 20ක් රට පාලනය කළ එකතැන පල්වෙන පිරිසම බවයි.

ඒ නිසා මෙය හිස් ලියවිල්ලක් පමණක් බවත් බිලියන ගණනක් වැය වන ආකාරයේ පොරොන්දු ඉදිරිපත් කර ඒවා ඉටු කිරීමට මුදල් හොයන ආකාරය,රාජ්‍ය ප‍්‍රතිපත්ති ආදී වැදගත් කිසිවක් ගැන මේ ලියවිල්ලේ අන්තර්ගත නොවන බව පැවසුවේය.

මේ රටට පණ දෙමු අලුතින් පටන් ගමු යන්න හුදු මැතිවරණ ලේඛණයක් පමණක් බවත් මෙය මහින්ද චින්තනය හා මහින්ද චින්තන ඉදිරි දැක්මටත් වඩා පිටුපසින් සිටින බවත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නිසා සමාජ අපවාදයෙන් මිදීමට මෙය ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මාස 60 කින් අලුත් රටක් යන එක්සත් ජාතික පෙරමුණේ පංචවිධ ක‍්‍රියාවලිය සමග සසදා බලන කළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අන්තර්ගතය අතින්,ගුණාත්මක බවින් සහ විශ්වාසනීයත්වයෙන් ඉතාම පහළ බව සදහන් කළේය.

වත්මන් රජය ලබන වසරේ මාර්තු මාසය වන විට ලංකාවටම නොමිලයේ වයිෆයි ලබා දෙන බවත් ඒ උදෙසා ගූගල් සමාගම සමග ගිවිසුම් ගත වූ බවත් පැවසුවේය.


නමුත් මහින්දා නන්ද අලුත්ගමගේ මේ පිළිබදව අදහස් දක්වමින් පවසා ඇත්තේ කොහේදෝ යන හිපියෙක් ගෙනවිත් ගිවිසුම් අත්සන් කළා යනුවෙන් බවත් ඔහු වැනි විධිමත් අධ්‍යාපනයක් නොලද පුද්ගලයෙක් වයිෆයි වල වැදගත්කම හෝ අන්තර්ජාලයේ වැදගත් කම නොදන්නා බවත් ඔවුන් දන්නේ හම්බකර ගැනීම සහ ගොඩ වැඩිකර ගැනීම සහ බලයේ රැදී සිටීම පමණක් බව ඔහු පැවසුවේය.

Last modified on Wednesday, 29 July 2015 15:51

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us