බස් රථ පොල්ලට මහින්ද උසාවි

Published in පුවත්
Sunday, 02 August 2015 17:45

පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු සඳහා රජයේ බස්රථ භාවිතා කිරීම වෙනුවෙන් අය විය යුතු රුපියල් ලක්ෂ 1925ක මුදලක් මෙතක් නොගෙවා පැහැර හැර ඇති හෙයින් එය අය කර ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ , සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි ගාමිණී සේදර සෙනරත් හා හිටපු ජනපතිවරයාගේ මැතිවරණ කමිටු සභාපති අමල් සේනාධිලංකාර මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරන බවට ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මොණරාගල මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

රාජ්‍ය දේපළ තම පවුලේ බූදලය මෙන් භාවිතා කිරීම මැතිවරණ නොතිබූ අවස්ථාවල පවා රාජපක්ෂ පවුලේ සිරිත විය. වරෙක හිටපු ජනාධිපති ආර්යාව රත්මලානේ සිට මහරගම දක්වා තරම් වූ කෙටි දුරක් වෙනුවෙන්ද හෙලිකොප්ටර් භාවිතා කර තිබූ බව හෙළිවිය. එමෙන්ම ඊයේ දිනයේ පුවතකින් වාර්තා වූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමටද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙතින් රුපියල් මිලියන 114ක් අයවීමට ඇති බවයි. ජනපති පුතුන්ගේ රූපවාහිනී නාලිකාව විසින් ජාතික රූපවාහිනියේ සංරක්ෂිත දර්ශන පට රැගෙන යාමක් පිළිබඳව ද අසන්නට ලැබිණි. ඒ ඔවුන්ගේ හැටිය.

මැතිවරණ සමයේ බලයේ සිටිනා වූ පාර්ශ්වය මුදල් නොගෙවා බස්රථ ලබාගන්නේ ම යළි ජයග්‍රහණය ලදහොත් ඒ කිසිසේත් ම ගෙවීමක් අවශ්‍ය නොවනා නිසාය. මන්දයත් ජයග්‍රාහී පාර්ශ්වය කිසිවකු විසින් කලකට ප්‍රශ්න නොකෙරෙනා අතර ප්‍රශ්න කෙරුණද බලය විසින් ඒ සියල්ල විසඳන නිසාය. ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය කාලය වන විට ජනතා බදුමුදල් ගිලිනා බහිරවයකුගේ තත්වයට වැටී පාඩු ලබමින් තිබුණි. සේවකයින් සඳහා මාසික වැටුප් ගෙවීමට හෝ ප්‍රමාණවත් මුදල් නොතිබුණු ලංගමයෙන් මුදල් නොගෙවා බස්රථ ලබාගැනීම යනු අනෙත් අතින් බදු ගෙවනා ජනතාවගේ ම වියදමින් ඔවුන්ට ම පෙනෙන සේ ප්‍රචාරක කටයුතු කිරීමකි.

කෙසේ වෙතත් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජය වීමෙන් අනතුරුව මෙකී බස්රථ වෙනුවෙන් මුදල් නොගෙවීම පිළිබඳව සමාජය තුළ ඇතිවූ කතා බහ නිසා ම ඉන් පසුව වත්මන් රජයේ මැති ඇමතිවරුන් බස් රථ ලබාගන්නා අවස්ථාවන්හිදී ඒවා සඳහා ගෙවීම් කළ බිල්පත් පවා ප්‍රසිද්ධ කෙරෙනා ප්‍රවණතාවක්ද ඇති විය. බොහෝවිට ඒ ප්‍රවණතාවයද තාවකාලික විය හැකි බැවින් අනාගතයේ රාජ්‍ය දේපළ පරිහරණය කරනා සියල්ලන්ට ම පාඩමක් වනු පිණිස මෙකී පුද්ගලයින්ට නඩු පවරා මෙම මුදල අය කරගත යුතුව ඇත.

මීට පෙර මේ පිලීබඳව විමසීමේ දී සන්ධානය ප්‍රකාශ කළේ බස් රථ කවුරුන් විසින් ලබා ගත්තේදැයි තමන් නොදන්නා බවය. මෙවන් බයිලා මාධ්‍යයට මිස අධිකරණයට පැවසිය නොහැකි බැවින් කළයුතු හොඳම දේ ඔවුන් අධිකරණය ඉදිරියට කැඳවීමය. බස් රථ රැගෙන බිල්පත් ජනතාවට පෙන්වීමේ සංස්කෘතිය වෙනුවට කිසිවෙකුත් මුදල් නොගෙවා බස් රථ හෝ වෙනත් රාජ්‍ය දේපළක් භාවිතා නොකිරීමේ සංස්කෘතියකට රට හුරුවිය යුතුය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us