මහින්දගේ ගෞරවාන්විත සමුගැනීම නිසා සන්ධානය හාන්සියි

Published in පුවත්
Tuesday, 04 August 2015 20:08

මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත සමුගැනීමක් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටීම, මාධ්‍ය මඟින් අනාවරණය වීම නිසා මේවන විට සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයම අකර්මන්‍යවී පවතින බව වාර්තාවේ.

විශේෂයෙන්ම මෙම තීරණය ගැනීමට පෙර සන්ධානයේ නායකයන්ගෙන් හෝ නො විමසා මහින්ද රාජපක්ෂා මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තනි කැමැත්තට සිදු කර ඇති බවත් ඒ රාජපක්ෂ මහතා විසින් තමන් විසින් ඔහුව ‍රැකගැනීම සඳහා කළ මෙහෙවර ගැනද නොතකා හැර තමන්ව පැත්තකට දැමීමක් බවත් සන්ධානයේ ජේෂ්ඨ නායකයන් පිරිසක් විසින් ඊයේ රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බවද වාර්තාවේ.

මේවන විට සන්ධානයේ මහින්දවාදී පාක්ෂිකයන් රාජපක්ෂ මහතාගේ මෙම තීරණය ගැන කලකිරී සිටින බවත් ඔවුන්ගේ ප්‍රශ්නවලට තමන්ට නිශ්චිත පිළිතුරක් දී ගත නොහැකිව තමන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් ඔවුන් වැඩි දුරටත් පවසා ඇත. මේ හේතුවෙන් සන්ධාන ජේෂ්ඨයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුද ඇණහිට ඇති බවට මැසිවිලි නඟා ඇත.

මෙම පුවත් බොරුවල් බව කියමින් පාක්ෂිකයන්ව අසවසාලිය හැකි නමුත් එය සත්‍යක් වුවහොත් තමන්ට යළි පාක්ෂිකයන්ට මුහුණ දීමටද හෝ නොහැකිවනු ඇති බවත් අවධාරණය කර ඇති එම පිරිස මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් රාජපක්ෂ මහතා විසින්ම ජනතාව හමුවේ තැබිය යුතු බවත් පෙන්වා දී තිබේ.

 

සැබැඳි පුවත්: 

ගෝඨා, මෛත්‍රී එක්ක ඩීල්. බැසිල් මැතිවරණ සටන අතහරී ! 

මහින්දට ගෞරවනීය සමුගැනීමක් ඉල්ලූ පුවත ලීක් වුණ හැටි සොයයි

රොහාන් වැලිවිට තවත් බොරුවක් ගොතයි. මහින්ද සමුගන් නෑලූ! 

මහින්ද ගෞරවාන්විත සමුගැනීමක් ඉල්ලයි. ගෝඨා මෛත්‍රී ඉදිරියේ වැඳ වැටේ

Last modified on Tuesday, 04 August 2015 20:11

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us