මෛත්‍රීගේ රෙදි ගලවන්නේ වටේ සිටින කේවට්ටයන්ය

Published in පුවත්
Friday, 14 August 2015 09:47

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම සඳහා තිබු ඉඩ අහුරාලමින් ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ලවා මහින්ද රාජපක්ෂ මහතාට යොමු කරවනු ලැබූ ලිපිය නිසා ශ්‍රී ලංකා පාක්ෂිකයන් තුල ජනාධිපතිවරයා කෙරෙහි දැඩි කලකිරීමක් හා වෛරයක් ඇති කරලිමට හේතු වී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි මෛත්‍රීපාල සිරිසේන මහතාට පෞද්ගලිකව හා දේශපාලන වශයෙන් සතුරු කමක් තිබුණද සන්ධානය ජයග්‍රහණයට බාධා වීම සිදුවන ආකාරයේ කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට හේතුවන බව ජනාධිපතිවරයාගේ දේශපාලන උපදේශකයන්ට නොතේරෙන බව ශ්‍රි ලනීප පාක්ෂිකයන් පවසති.

ජනාධිපතිවරයාගේ දේශපාලන උපදේශකයන් ලෙස කටයුතු කරන්නේ ශිරාල් ලක්තිලක, අශෝක අභයගුණවර්ධන, මලිත් ජයතිලක යන පිරිස බවද දැන ගැනීමට තිබේ. ඊයෙ නිකුත් කරනු ලැබු ලිපියද ඔවුන් විසින් සකසනු ලැබූවක් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එය ජනාධිපතිවරයාගේ පූර්ණ අවබෝධය මත නිකුත් කෙරුණාද යන්න නිශ්චිත නැත්තත් මෙය මාධ්‍ය වෙත ලබා දීම සඳහා පෙරමුණ ගෙන තිබෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ සිටින කිලී මහරාජාගේ ගෝලයකු විසින් බවද හෙලිවේ. එයද නිල වශයෙන් නොව ජංගම දුරකත කැමරාවකින් ලබා ගන්නා ලද ඡායාරූප ලෙසය. රාජ්‍ය මාධයට හෝ මෙහි නිල පිටපත් ලබා දි තිබුනේ නැත.

කෙසේ නමුත් මෙම ලිපිය මේ මොහොතේ නිකුත් කරන බව ජනාධිපතිවරයාට පක්ෂපාත සන්ධාන නායකයන් හෝ දැන සිටියේ නැත. මේ නිසා එය ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයන් කෙරෙහිද දැඩිව බලපාන්නට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේදීම ජනාධිපතිවරයා අමතා ඇති ශ්‍රි ලනිප ජේෂ්ඨයන් ජනාධිපතිවරයාට සිය විරෝධය පලකර ඇති බවද වාර්තාවේ.

විශෙෂයෙන්ම ඔහු විසින් අගමැතිධුරයට නම් කරන ලද ජේෂ්ඨයන් විසින්ම ඔහුව විවේචනය කිරීම නිසා ජනාධිපතිවරයා දැඩි අපහසුවකට පතව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ දේශපලන ගනුදෙනුවක සිටි සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ මධ්‍ය වැඩ සටහනකදී ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා මාර්ගය දැඩිව විවේචනය කළ අතර අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂව නියත ලෙසම පත් කරවන බවට සහතික කළේය.

Last modified on Friday, 14 August 2015 09:51

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us