මහින්දගෙන් මෛත්‍රීට රිටන් එක ලැබේ !

Published in පුවත්
Friday, 14 August 2015 12:12

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ දින මහින්ද රාජපක්ෂට යොමු කරනු ලැබූ ලිපියට පිළිතුරක් අද දින රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට යොමු කර තිබේ.

මෙහි ප්‍රධාන කරුනු 3 ක් අඩංගුය.

 

හිතවත් සභාපතිතුමනි,

ඔබතුමා විසින් එවන ලද 2015.08.12 දිනැති ලිපිය 2015.08.13 වන දින ලද බව දන්වමි.

එම ලිපියේ සඳහන් වෙනත් පාර්ශවයකින් ලද තොරතුරු මත කරනු ලබන පදනම් විරහිත විවේචන එකහෙළා ප‍්‍රතික්ෂේප කරමි. 2015 මහමැතිවරණය ඉලක්ක කරගනිමින් සඳහන් කරුණු අනුව පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතරයක් ලබාගන්නා බව සඳහන් කිරීම ගැන මම සතුටු වෙමි.


මා 2015.01.09 දින ජනාධිපති මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වී අවසන් වීමට මත්තෙන් අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගියේත් ඉන් දින කීපයක් තුළදී ශ‍්‍රී.ල.නි.ප. යේ සභාපති ධූරය හා පක්‍ෂය ඔබ වෙත භාර කළේත් ඔබතුමාගේ ඉල්ලිම මත මා විසින් ගත් තීරණයක් අනුවය.


එහෙත් 2015 පෙබරවාරි මාසය වන විට බහුතර පාක්‍ෂිකයන් හා ජනතාවගේ ඉල්ලීම, නැවත ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට මා පෙළඹවූ බව සිහිපත් කරමි. මා 2015 ජනවාරි මස 09 වන දින මහජන මතයට ගරු කළ අයුරින්ම ඔබතුමාද 2015 මහමැතිවරණයේ දී මහජන මතයට ගරු කරනු ඇතැයි අපේක්‍ෂා කරමි.

 

මේ අතර ශ්‍රීලනීපයේ ජේෂ්ඨ ඇමැතිවරුන්ද ජනාධිපති වෙත ලිපියක් යොමු කරමින් තමන්ව අගමැතිධුරයට නම් කිරීම සම්බන්ධයෙන් ස්තූති කර ඇත. එහෙත් තමන්ට එම තනතුර අවශ්‍ය නැති බව දන්ව ඇති අතර මෙම මැතිවරන ව්‍යාපාරය කරට ගෙන කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය ලබා දිය යුතු බව ඉල්ලා තිබේ.

Last modified on Friday, 14 August 2015 12:24

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us