විමල් නැවත මහින්දව නටවයි

Published in පුවත්
Wednesday, 19 August 2015 16:51

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට යම් ගෞරවයක් සහිතව දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ජීවිතයේ සැඳෑ කාලය සුවෙන් පහසුවෙන් ගත කිරීමට තිබු අවස්ථාව විනාශ කර ඔහුව නැවත දේශපාලනයට කැඳවාගෙන පැමිණ මහ මැතිවරණ පරාජයෙන්ද පජාත කරා දැමූ විමල් වීරවංශ නැවත වතාවක් රාජපක්ෂ මහතාව පාවිච්චි කරමින් දේශපාලන ගේමක් ගැසීමට සූදානම් වන බව දැන ගැනීමට තිබේ.

එහි ප්‍රථම පියවර ලෙස පාර්ලිමේන්තු පැමිණ යළි දේශපාලනයේ නිරතවන බවට මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද දින මාධ්‍යයට ලබා දුන් ලිපිය හැඳින් විය හැකිය.

මෙම තීරණය රාජපක්ෂ මහතාගේ හෝ එම පවුලේ තීන්දුවක් නොවේ. දැන් දේශපාලනයෙන් තාවකාලිකව හෝ සමුගත යුතු බව ගෝඨාභය රජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛව එන පවුලේ සාමාජිකයන් යෝජනා කර තිබුණද වීරවංශ , ගම්මන්පිල ඇතුළු කණ්ඩායම විසින් රාජපක්ෂ මහතාට යෝජනා කර තිබෙන්නේ එජාපයෙන් කොටසක් ගෙන නැවත සන්ධාන ආණ්ඩුවක් පිහි‍ටුවීම සිදු කළ හැකි බවය. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට චීන ව්‍යාපාරික ආයතන කිහිපයක් හා මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සූදාමින් සිටින නිසා එය පහසුවෙන් සිදු කළ හැකි බවය.

කෙසේ නමුත් විමල් වීරවංශ ගේ යෝජනාවට සන්ධානයේ ප්‍රබලයන් ගනනාවකගේද විරෝධය එල්ල වී තිබේ.

mahinda-letter

Last modified on Wednesday, 19 August 2015 16:52

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us