ඡන්දෙන් ඉවර වුණු සංකල්ප

Published in පුවත්
Wednesday, 19 August 2015 18:56

2015 මහ මැතිවරණය අවසානයේ මෙතෙක් ලාංකේය දේශපාලන ශබ්දකෝෂයෙන් ගිලිහී යන වචන කිහිපයක් කිහිපයක් තිබේ. මේ විමසුම ඒ ගැනය.

ඡන්ද මැෂිම

එස්.බී. දිසානායක මහතා කාලයක පටන් හැඳින්වුණේ ඡන්ද මැෂිම ලෙස ය. ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනයට අවතීර්ණව පසුගිය චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ ඉතා ප්‍රබල චරිතයක් බවට පත් ව සිටියේය. ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයට ද නැවත නිදහස් පක්ෂයට ද වශයෙන් පක්ෂ ද මාරු කළ නමුත් ඒ හැම අවස්ථාවක දීම ආන්දෝලනාත්මක චරිතයක් ව සිටියේය. වරක් තම පාලනයක් නොමැති කතාවක් නිසා වෙන් උසාවියට අපහාස කිරීමේ වරදට සිර දඬුවම් ද ලැබීය. කෙසේ වෙතත් ඔහු කාලයක් පුරා සිය කතාවෙන් ජන ආකර්ශනය ලබා සිටියේය. මැතිවරණ ක්‍රියාවලියේ දී ඔහුගේ එම දායකත්වය ඔහු ඡන්ද මැශිමක් ලෙස හැඳින් වීමට හේතු විය. කෙසේ වෙතත් මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ වැද දිළුම් අමුණුගම හා අනුරාධ ජයරත්න වැනි නවකයින් ඉදිරියේද පරාජයට පත්විය. ඡන්ද මැශිමේ කාර්ය භාරය එසේ නිමාවිය.

රජුන් තනන්නා

සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතා නිර්මාතෘ වූ ලංකා කම්කරු කොංග්‍රසය දන්නා කලක පටන් හැඳින්වුණේ රජුන් තනන්නා ලෙසය. ඒ බහුතරය ලබාගැනීම සඳහා ඕනෑම රජයකට එක් වෙමින් ප්‍රබල ඇමති ධුරද ලබාගනිමින් ආණ්ඩු පිහිටුවීමෙහි ලා ඔවුන් දැක්වූ දායකත්වය නිසාය. සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අනුප්‍රාප්තිකයා වූ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ සිට වතු කම්කරු වෘත්තීය සමිති අධිරාජ්‍යයක් මත වැජඹෙමින් සිය නොසෙල්වුණු ඡන්ද පදනම පෙන්වා ඕනෑම ආණ්ඩුවක් හා කේවල් කළ තොණ්ඩමාන් ගේ භූමිකාව මෙවර මැතිවරණයෙන් අවසන්ව ඇත.

දුරස්ථ පාලකය

පාර්ලිමේන්තුවෙහි දුරස්ථ පාලක බලය නො එසේ නම් රිමෝට් කන්ට්‍රෝලරය ලෙස තමුන් හඳුන්වා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ සිය භූමිකාව පවතින රජය හැසිරවීම සඳහා ඔවුන් භාවිතා කළ බැවිනි. මෙවරද ඉතා ආකර්ශනීය ප්‍රචාරක ව්‍යාපාරයකින් ඔවුන් ඉල්ලා සිටියේ මෙවරද තමුන්ට ආණ්ඩු කිරීමට නොව ආණ්ඩු කරවීමට බලය ලබාදෙන ලෙසයි. 2020 වන විට ප්‍රධාන විපක්ෂය බවට පත්වීමේ බලාපොරොත්තු පෙන්වමින් ප්‍රචාරයෙහි යෙදුණද ඔවුන්ට මෙවර ලබාගත හැකි වූයේ මන්ත්‍රී ආසන 6ක් පමණි. තව දුරටත් දුරස්ථ පාලක කාර්යයක් කිරීමේ බලයක් ඔවුන්ට හිමි නොවනු ඇත.

ධර්ම රාජ්‍යය

බෞද්ධාගමික අන්තවාදයන් කර පින්නාගෙන ආ දේශපාලන ප්‍රවණතාවය මෙවර තීරණාත්මක ලෙස පරාජයට පත් විය. විශේෂයෙන්ම ජාතික හෙළ උරුමය විසින් කූප්ප්‍රාතියට ගේ එන ලද මෙම ජාතිකවාදී හා ආගම්වාදී දේශපාලනය මෙවර ජාතික හෙළ උරුමය විසින්ම අත් හරින ලද අතර ඒ මඟ ඔස්සේ ඊටත් වඩා අන්තගාමීව කටයුතු කළ බොදු බල සේනා ඇතුලු බෞද්ධ ආගමික ව්‍යාපාරයන් මෙවර මැතිවරණයේදී මෙරට ජනතාව විසින් පරාජයට පත් කරනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us