සන්ධාන ආණ්ඩුවක් හදන්න මෛත්‍රී පාර්ශ්වය කුමන්ත්‍රණයක !

Published in පුවත්
Wednesday, 19 August 2015 23:22

මෙවර මහ මැතිවරණයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබෙන එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහි‍ටුවීමේ අවස්ථාව ලබා නොදී එජාපයෙන් පිරිසක් ලබා ගෙන සන්ධාන ආණ්ඩුවක් පිහි‍ටුවීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදේශකයන් ලෙස කටයුතු කරණ 'කේවට්ට'යන් පිරිසක් මේවන විට කුමන්ත්‍රණයක නියැලෙමින් සිටින බව දැන ගැනීමට තිබේ.

මෙම කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරයෙහි දිවුරුම් දීම වැලැක්වීම වෙනුවෙන් පසුගිය සති කිහිපය පුරාම විවිධ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් ‍රැසක් යොදා ගනු ලැබු නමුදු ඒ සියල්ල අසාර්ථක විය. ඔවුන් බලාපොරොත්තු නොවුන ලෙස එජාපය බහුතර බලයක් ලබා ගැනීම නිසා ඔවුන්ගේ කුමන්ත්‍රණ කාරී සැලසුම් සියල්ල අසාර්ථක විය. මොවුන්ගේ උපදෙස් මත ක්‍රියාකළ ජනාධිපතිවරයාද ශ්‍රී ලනීප පාක්ෂිකයන් අතර මේවන විට පිලිකුලට හා වෛරයට පාත්‍රව සිටී.

මේ පිරිස මේවන විට සැලසුම් කරමින් සිටින්නේ සන්ධානයෙන් එජාපයට ගොස් තරගකළ පිරිසත් ආසන 113 පිරවීම වෙනුවෙන් අවශ්‍ය ඉතිරි පිරිස මුදල් හා ඇමැති වරප්‍රසාද ලබා දී සන්ධානයට පක්ෂපාත කරවා ආණ්ඩුවක් පිහි‍ටුවීමටය. මෙහිදී එජාපයේ සිටින කණ්ඩායම පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂට අගමැතිධුරය හිමි නොවේ නම් පමනක් තමන්ගේ සහය ලබා දෙන බවය.
එවැනි තත්වයක් යටතේ සන්ධානයේ පූර්න සහය ලබා ගැනීම ගැටළුකාරී බැවින් මේවන විට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් සමඟද සන්ධාන ආන්ඩුවක් පිහි‍ටුවා ගැනීමට ජනාධිපතිවරයාගේ උපදේශක කණ්ඩායම සාකච්ඡා කරමින් තිබේ. මේ වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී ඇති ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර 12 බාගෙ බාගේ (හය හය බැගින්) බෙදා ගැනීමට මහින්ද රාජපක්ෂ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයන් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

මේ තත්වය මත නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට දින දිවුරුම් දීමට සිටියද එය කල් දැමීමට සිදුව තිබෙන බවද දැන ගැනීමට ඇත. ඊට හේතුව වී ඇත්තේ ආණ්ඩුවක් පිහි‍ටුවීම සඳහා 113ක බහුතරය පෙන්විය යුතු බවට ජනාධිපතිවරයාගෙන් කොන්දේසියක් පැනවීම නිසා බවද විවිධ ආරංචි මාර්ග පවසා සිටී. මේ සම්බන්ධයෙන් එජාප මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේන් අප මාධ්‍යවේදියකු විමසා සිටියදී ඔහු පැවැසූවේ හෙට දිනයේදී මහින්ද රාජපක්ෂ වුව අගමැතිවරය ලෙස දිවුරුම් දිය හැකි බවත් ඊට අදාල ප්‍රතිපාදන ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයාට ලැබී තිබෙන බවත්ය.

සැබැඳි පුවත් : 

රනිල්ව පන්නන්න බලා සිටි ජනපති කාර්යාලයේ කුමන්ත්‍රණකරුවෝ පරාජය වෙති !

:ඡන්දය ක‍ටුගාන්න එපා. මෛත්‍රී යන්නෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමනක්. හැකි වෙරක් යොදා සන්ධානය පරාජයට පත් කළයුතුය

මෛත්‍රීගේ රෙදි ගලවන්නේ වටේ සිටින කේවට්ටයන්ය

රනිල් පැන්නීමේ ජනපති කුමන්ත්‍රණ කතාව, සිරසත් තහවුරු කරයි 

රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක් 

එජාපයේ නායකත්ව ගැ‍ටුමක් හදන්න කිලි මහරාජා දතකයි, මෛත්‍රීව අන්දන මෙහෙයුමකුත් කරයි.

මහරාජාට කණේ පහරක්, සුසිල් කි‍ඳෙලිපිටියට ෆොන්සේකා නාම යෝජනා නොදෙයි

මිලින්ද, මෛත්‍රීට ළං වුණේ හොඳකට නොවේ.

කිලී මහරාජා, වරාය නගරය වෙනුවෙන් මෛත්‍රීපාලව සල්ලි වලට ගත්තාද ? 

සිරස - 'සි'යළු 'ර'ජයන් 'ස'මඟින් 

 

 

Last modified on Wednesday, 19 August 2015 23:56

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us