ශ්‍රීලනිප පිරිසක්‌ විපක්‍ෂයට යනවාට එජාපයේ විරෝධය, ඇමැතිවරු දිවුරුම් දීමත් කල් යයි

Published in පුවත්
Monday, 24 August 2015 07:22

ප්‍රධාන පක්‍ෂ දෙක එක්‌වී ජාතික ආණ්‌ඩුවක්‌ සෑදීම සඳහා අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කළ ද ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ අවසන් එකඟතාවක්‌ නොමැති නිසා නව අමාත්‍ය මණ්‌ඩලය දිවුරුම් දීම තව දිනයකින් හෝ කල් යනු ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ජාතික ආණ්‌ඩුවක්‌ සෑදීමට කැබිනට්‌ ඇමැති ධුර 16 ක්‌ ශ්‍රීලනිපයට ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය පූර්ණ එකඟත්වය පළ කර ඇතත් ශ්‍රීලනිපයේ මුළු මන්ත්‍රී කණ්‌ඩායම ආණ්‌ඩුව සඳහා එක්‌ නොවුණහොත් එය ජාතික ආණ්‌ඩුවක්‌ නොවන බැවින් මේ සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක්‌ මතුව ඇත.

ශ්‍රීලනිපයේ කොටසක්‌ විපක්‍ෂයේ අසුන් ගැනීමට කැමැත්ත පළ කර ඇතත් මෙයට එක්‌සත් ජාතික පක්‍ෂය විරෝධය පළකර ඇත්තේ එහිදී ජාතික ආණ්‌ඩුවක්‌ බිහි නොවන නිසාය.

මේ අර්බුද නිසා නව අමාත්‍ය මණ්‌ඩලය නම් කිරීම ගැටලුකාරී වී ඇත.

එක්‌සත් ජාතික පක්‍ෂයට කැබිනට්‌ ඇමැති ධුර 19 ක්‌ හා ශ්‍රීලනිපයට 16 ක්‌ ලබාදීමට තීරණය වී ඇත. මීට අමතරව රාජ්‍ය ඇමැති ධුර හා නියෝජ්‍ය ඇමැති ධුර ද ලබාදීමට නියමිතය.

 

divaina

Last modified on Monday, 24 August 2015 07:29

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us