ලැයිස්‌තුවෙන් මා නම් කළේ සුසිල් සමඟ අත්සන් කළ ගිවිසුමට අනුවයි - හිස්‌බුල්ලා

Published in පුවත්
Monday, 24 August 2015 07:33

මනාපවලින් පරාජය වුවද තමන් ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලි මේන්තුවට නම් කළේ එජනිස ලේකම්ව සිටි සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ අත්සන් කළ ගිවිසුමක්‌ අනුව බව එම්.එල්.ඒ.එම්. හිස්‌බුල්ලා මහතා ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

යාපනය සහ මඩකලපුව යන දිස්‌ත්‍රික්‌ක දෙකෙන් මැතිවරණයට තරග කර පරාජය ලැබූවන් අතරින් වැඩිම මනාප ලබා ගන්නා පුද්ගලයා ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලි මේන්තුවට පත් කරන බව මෙම ගිවිසුමේ සඳහන් වන බව ද ඊයේ (23 දා) කොළඹ පර්ල් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිස්‌බුල්ලා මහතා ප්‍රකාශ කළේය.

තමන් ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට එරෙහිව මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ අවශ්‍යතාව මත බව කී හිස්‌බුල්ලා මහතා එළැඹෙන පළාත්පාලන මැතිවරණය වන විට මඩකලපුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විනාශ කර දැමීමේ අවශ්‍යතාවක්‌ මුස්‌ලිම් කොංග්‍රසයට ඇතැයි ද කීය.

තමන්ට එරෙහිව වංචා දූෂණ චෝදනා එල්ල කළ ද මෙතෙක්‌ ඒ පිළිබඳ කිසිදු පරීක්‍ෂණයකට කැඳවා නැතැයි කී හිස්‌බුල්ලා මහතා මෙම චෝදනා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ද කීය.

කාත්තන්කුඩි ප්‍රදේශයේ ගැටුම්වලට තම සම්බන්ධතාවක්‌ නැතැයි කී හෙතෙම මෙම ගැටුම්වලින් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මෙන්ම තම පක්‍ෂයේ සාමාජිකයකු ද තුවාල ලැබූ බව කීය.

 

divaina

Last modified on Monday, 24 August 2015 07:34

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us