රාජපක්ෂලාගේ දේපල රාජසන්තකයි, පළමුව CSN

Published in පුවත්
Saturday, 26 September 2015 09:09

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලට හා ඔහුගේ ඥාතීන්ට අයත් ව්‍යාපාරයන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) බරපතළ වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම ඇතුළු ආයතන විසින් මෙතෙක් කරන ලද විමර්ශනයන්ට අනුව ඔවුන්ට අයත් එම ව්‍යාපාර හා දේපළ රාජසන්තක කිරීමට හැකියාවක් පවතින බව නීති අංශ පෙන්වා දෙයි.

රාජපක්ෂ පවුලේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මුදල් යෙදවූයේ කෙසේද යන්න පිළිබඳව විශේෂ විමර්ශන සිදු කෙරී ඇති අතර එහි දී රාජ්‍ය සම්පත් භාවිත කිරීම, රජයේ මුදල් අයථා අන්දමින් යෙදවීම, නීති විරෝධී ආකාරයෙන් කටයුතු කර තිබීම හා කළු සල්ලි සුදු කිරීම යනාදී බරපතළ වංචා දුෂණ සාක්ෂි සහිතවම ඔප්පු කරගෙන ඇත.

රාජපක්ෂ පවුලට අයත් සී.එස්.එන්. (Calton Sports Network) රූපවාහිනී ආයතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට අවසන් කෙරී ඇති බව ද දැනගන්නට ඇත.

සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 230ක මුදලක් යෙදවීම සම්බන්ධයෙන් විමර්ශන රැසක් සිදු කර ඇති අතර එකී විමර්ශනවලට අනුව අදාළ මුදල් යෙදවීම සිදු කර ඇත්තේ ද දුෂිත අන්දමිනි.

සී.එස්.එන්. නාලිකාවේ හිමිකාරීත්වය රාජපක්ෂ පවුලට අයත් නොමැති බව හුවා දැක්වීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබුණත් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත්තේ සී.එස්.එන්. නාලිකාව මහින්ද රාජපක්ෂ පවුලේ ව්‍යාපාරික ස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවය.

අයථා අන්දමින් උපයා ගත් මුදල් ඊට යොදවා ඇති බවත් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් සිංගප්පූරු සමාගමක් හරහා සිදු කෙරී ඇති බවත් මූලික විමර්ශනවල දී හෙළි වී ඇත.

අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් සී.එස්.එන්. නාලිකාව රාජ සන්තක කිරීමට හැකියාවක් පවතින බව නීති අංශ පෙන්වා දෙන අතර සී.එස්.එන්. නාලිකාව සම්බන්ධව සවිස්තර වාර්තාවක් මෙවර 'සත්හඬ' විශේෂ හෙළිදරව්වෙන් අනාවරණය කර ඇත.

(සත්හඬ )

Last modified on Saturday, 26 September 2015 09:14

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us