විදේශ විනිසුරුවරු ශ්‍රී ලංකාවට ආගන්තුකයන් නොවේ - මනෙක්ෂෝ

Published in පුවත්
Monday, 05 October 2015 08:59

 “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය” මැයෙන් පසුගිය සැප්තැම්බර් 24 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවේ උද්ධෘතයම, ශ්‍රී ලංකාවේ එක්සත් භාවය, අඛණ්ඩත්වය සහ ස්වෛරීත්වය කරා ගමන් කළ යුතු නිවැරදි මාවත පැහැදිළිව අවධාරණය කරන්නකි.

රාජපක්ෂ පාලන සමය තුළ ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත කර ගත් යෝජනා ත්‍රිත්වයට වෙනස්ව මෙවර යෝජනාව තුළ, 2002-2009 කාලයේදී සිදුවන්ට ඇතැයි කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණයන් විභාග කරනු වස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා යෝජනා කළ ‘විශේෂ මිශ්‍ර අධිකරණයක්’ පිහිටුවීම පිළිබඳ ඉල්ලීමට සහාය පළ කරමින්, ‘විශ්වසනීය අධිකරණ ක්‍රියාවලියක්’ ඉල්ලා තිබේ. යෝජිත ‘විශේෂ මිශ්‍ර අධිකරණය’ පිහිටුවීමේදී, ශ්‍රී ලංකාවේ අධිකරණ යාන්ත්‍රණය සමග පොදුරාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥයන්, බලධාරී නඩු පවරන්නන් සහ පරීක්ෂකයන් සහභාගී කර ගත යුතු බවටත් ඇමරිකානු යෝජනාව තුළ නිර්දේශ කෙරේ.

සමාජ ගැටුම

අතීතයේ සමාජ ගැටුම් නිසා ව්‍යවසනයන් සිදුවන විට, ජාත්‍යන්තර ප්‍රජාව වාර්තා ගණනාවක් නිකුත් කොට, එවැනි ගැටුම්වල රුදුරු ප්‍රතිවිපාක හෙළාදකිමින් යෝජනා ඉදිරිපත් කොට තිබේ. කෙසේ වෙතත්, මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට සමගාමීව ඇමරිකාව විසින් මෙරටේ ‘සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය’ වෙතට නැඹුරු වන පුළුල් පරාසයක් මත පදනම් කෙරුණු යෝජනාවක් පළමු වරට ඉදිරිපත් කෙරෙන්නේ දැන් ය. මෙකී යෝජනාව ඉදිරිපත් වීමත් සමගම, එය ලංකාවේ ස්වෛරීත්වයට ඇඟිලි ගැසීමක් වශයෙන් දැක්වෙන විරෝධතා මතුවුණි. කෙසේ වෙතත්, රටේ සිදුවන ප්‍රධාන පෙළේ සංකීර්ණ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර කොමිෂන් සභා පිහිටුවන ලෙස ඉල්ලා සිටීම ලංකාවට අමුත්තක් නොවන බව මතක තබා ගත යුතුය.

1992 අගෝස්තු මාසයේ කයිට්ස් දූපතේදී බිම් බෝම්බයකින් ඝාතනය කෙරුණු ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ තවත් හමුදා නිලධාරීන් 9 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන්ගේ ඉල්ලීම මත, ඩී. බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයා එම ඝාතන ගැන සොයා බැලීම සඳහා විශේෂ ජාත්‍යන්තර කොමිෂන් සභාවක් පත්කෙළේය.

පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරු

එසේ පත්කරන ලද විශේෂ ජාත්‍යන්තර කොමිසමට පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල විනිසුරුවරුන් ඇතුළත් කර ගන්නා ලද අතර, ඊට, ඝානා රටින් නෙකාබෙ ඕහෝ එවන්ස් අමීසා, නවසීලන්තයෙන් ශ්‍රීමත් කෙනත් ජේම්ස් කීත් සහ නයිජීරියාවෙන් මුහමඞ් ලවාල් උවයිස් අයත් වූහ.

මේ ත්‍රිපුද්ගල ජාත්‍යන්තර විනිසුරුවරු 1993 මැයි 26 වැනි දා සිය කටයුතු ආරම්භ කොට 1993 ජුනි 8 වැනි දා තෙක් පරීක්ෂණ පවත්වාගෙන ගියහ. එහිදී පුද්ගලයන් 24 දෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගන්නා ලදි. අනතුරුව ඔවුන් ලන්ඩන් නුවරටද ගිය අතර, ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු පිරිස ඝාතනය කෙරුණු බිම් බෝම්බය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ බි්‍රතාන්‍ය ජාතික වෝහාර වෛද්‍ය විශේෂඥ ජේ. ආර් වයට්ගේ සාක්ෂි දින දෙකක් තිස්සේ සටහන් කරගන්නා ලදි. මේ කොමිසම සිය පරීක්ෂණ අවසානයේ, අවසාන වාර්තාවක් ලංකා රජයට ඉදිරිපත් කෙළේය. කොබ්බෑකඩුව ඇතුළු පිරිස ඝාතනය කොට ඇත්තේ බිම් බෝම්බයක් පුපුරවා හැරීමෙන් බව එහි සඳහන් විය.

මේ ආකාරයටම, මෙවර මහ කොමසාරිස්වරයාගේ නිර්දේශ ප්‍රකාරව ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව තුළ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් විදේශ විනිසුරුවරුන්, දේශීය අධිකරණ යාන්ත්‍රණයට සම්බන්ධ කරගත යුතුව ඇතැයි ඇමරිකාව නිර්දේශ කර තිබේ. මේ අතර මහ කොමසාරිස්වරයාගේ වාර්තාව එල්.ටී.ටී.ඊ, සංවිධානය කරන ලද දරුණු ක්‍රියා ගැනත් සඳහන් කරයි. ඊට අදාළව, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා විසින් කරන ලද මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණයන් ගැනත් සඳහන් ය.

ඇමරිකානු යෝජනාව

මේ අනුව, මහ කොමසාරිස්වරයාගේ වාර්තාවත්, ඇමරිකානු යෝජනාවත් සෑම අංශයකින්ම යුක්ති සහගත කළ හැකිය. දැන් එම වැදගත් ලියවිලි දෙක සම්බන්ධයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ කාර්ය භාරයක් බවට පත්ව තිබේ. උතුරු පළාත් සභා මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් නීති ක්ෂේත්‍රයේ ප්‍රකට උගතෙකු වීමත්, සිදු විණැයි කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණයන් ජාත්‍යන්තර පරීක්ෂණයක් හරහා සොයා බැලිය යුතු බවට තදින් කියා සිටීමත් නිසා, දහස් ගණන් යුද වින්දිතයෝ ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීම සහිතව සිදුවන විශ්වසනීය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් ඉල්ලා ඔහු වටේ පෙළ ගැසෙමින් සිටිති.

ජනවාරි මාසයේ සිට අළුතෙන් පත්ව ඇති ලංකාවේ නව ආණ්ඩුව කෙරෙහි ඇමරිකානු රජය විශ්වාසය තබා ඇති තත්වය තුළ, ඉහතින් කියන ලද යුද අපරාධවලට අදාළ ප්‍රශ්න, ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට බාධකයක් නොවිය යුතු බව ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කරයි. එසේම එම යෝජනා සහ මාර්ගෝපදේශ ප්‍රකාරව කටයුතු නොකළොත්, ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය දීර්ඝ කාලයකට සාර්ථක නොවනු ඇති බවටත්, ඉහත කී මහ කොමසාරිස් වාර්තාව සහ ඇමරිකානු යෝජනාව තුළ පැහැදිළිව සඳහන් කොට තිබේ.

 

2015 ඔක්තෝබර් 2 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ
‘සුළුතර පර්යාලෝකය’ නැමැති කොලම යටතේ පළවු
Foreign Judges No Strangers to Sri Lanka
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Last modified on Monday, 05 October 2015 09:30

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us