රාජපක්ෂලාට ලිබියාවෙන් මිලියන 500 ක් නෙවෙයි 1089 ක්ම එවලා

Published in පුවත්
Monday, 05 October 2015 15:01

තමා දුන් එක දුරකථන ඇමතුමකින් ඇ.ඩොලර් මිලියන 500 ක ණයක් ලංකාවට ලබා දීමට ලිබියානු හිටපු නායක මුවමර් ගඩාෆි එකග වූ බවත් එය නොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර ආර්ථිකය ඇණ හිටීමට ඉඩ තිබුණ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍ය නිවේදනයක් කරමින් පවසා සිටියේය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ මහතා ලිබියවේ හිටපු නායක ගඩා‍ෆිගේ කරට අතදාගෙන සිටි බව කළ ප්‍රකාශයකට පිලිතුරු වශයෙනි.

ඒ කෙසේ වෙතත් ලිබියාවෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට හා හිතවතුන්ට ලැබී තිබෙන මුදල් ගැන මේ වන විට ඉහළ මට්ටමේ පරික්ෂණයක්ද ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඒ අනුව දැනට හෙළිවී ඇති පරිදි 2011 වසර තුලදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ ගිණුම්වලට ලිබියාව හරහා ලැබී ඇති මුදල් ප්‍රමාණය අමරිකානු ඩොලර් මිලියන 1089 කි.( 1,089,700,000කි.) එම වසරේ මාර්තු අප්‍රේල් මාස වලදී මෙම මුදල් ලැබි ඇති ඇති අතර එම මුදල් බැර කර ඇත්තේ ඩුබායි රජයට අයත් ඩුබායි ජාතික බැංකුවටය.( National Bank Of Dubai) එම ගිණුම් හිමියන් මෙසේය. සජින් වාස් ගුණවර්ධන අමරිකානු ඩොලර් 518 යි. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ඇමරිකානු ඩොලර් 537 යි. මෙම ගිණුම් දෙකෙහි ඇටර්නි බලපත් හිමියා ලෙස කණිෂ්ක යෝෂිත රාජපක්ෂව නම් කර තිබේ.මීට අමතරව තවත් ගිණුම් කිහිපයක් ඇති බවත් අනාවරණය වේ. ඒ සියල්ලේ එකතුව මිලියන 1089 කි.

මෙම ගිණුම් දෙක සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ හිටපු බැංකු කරුවකු වූ අබ්දෙල් මජිඩ් ෆායෙක් නැමැත්තාය.

ඩුබායි බැංකුවට ලැබුණු මුදල් පසුව ඒවා බහාමාස් හී ගිණුම් 3 කටත් ෂීශෙල්ස් දූපත් හී ගිණුම් 2 කටත් මාරු කර තිබේ. එහිදී ඒ සම්බන්ධයෙන් මැදිහත් වී ඇත්තේ. මැතිව් ජෙම්සන් වුඩ් හවුස් හා අන්ඩ්‍රෙ මිෂෙල් වෙස්ට්වුඩ් නැමැති විදෙශිකයන් දෙදෙනෙකි.

එමෙන්ම ඩුබායි ජාතික බැංකුවෙහි ගාමිනී සෙනරත්ගේ නමින් ඇති ගිණුමක ඇමරිකානු ඩොලර් මිලියන 168ක් හා කූඩාබාලගේ නමින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 8.7 ක ගිණුමක් ගැනද තොරතුරු හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින අතර ලිබියානු රාජ්‍ය හරහා මෙලෙස මුදල් ලැබීමේ හේතුව සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු සිදු කෙරේ. මේ මුදල් කවර හේතුවක් මත ලැබුණේද යන්න තවමත් අභිරහසකි. වෙනත් ගනුදෙනුවක කොමිස් මුදල් හෝ ජාවාරමක ලාබාංශ මුදල් ලිබියාව හරහා ඩුබායිගේ ගිණුම්වල තැන්පත් කර ගැනිමක් වී ඇති බවද පරීක්ෂකයෝ සැක කරති.

ඒ අනුව තමන්ගේ එක දුරකතන පණිවිඩයට ඩොලර් මිලියන 500 ක් එවකට සිටි ලිබියානු ජනාධිපතිවරයා එවනු ලැබූ බව මහින්ද රාජපක්ෂ මහතා කියන කතාවේ යම් සත්‍යයක් ඇති බව උපකල්පනය කළ හැකිය. ගඩා‍ෆිගේ ගනුදෙනු ගැනත් කිසිවකු හෝ හොයන්නේ නම් මහින්ද රාජපක්ෂ, ගඩා‍ෆිට කළ උදවු උපකාර ගැනත් සොයා ගත හැකිවනු ඇත. සමහර විට මෙහේ බැංකුවල ගඩා‍ෆිගේ ගිණුම් තිබෙන්නට ද බැරි නැත.

 

Last modified on Monday, 05 October 2015 15:13

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us