නිමල් සිරිපාල කාඩ්බොඩ් සැන්ඩො කෙනෙක්

Published in පුවත්
Tuesday, 20 October 2015 08:52

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තමා 'යහපාලන ආණ්ඩුවේ' කැබිනට් ඇමතිවරයෙකු බව අමතක වී මයික්‍රෆෝනයක් දුටු තැන විහිළු කතා කියමින් 'කාඩ්බෝඩ් සැන්ඩෝ' කෙනෙකු වීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඇමතිවරයා එසේ කියා සිටියේ ප්‍රවාහන අමාත්‍යවරයා මත්තල ගුවන්තොටුපළේ ගබඩාවල වී ගබඩා කිරීම සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයට ඊයේ (19දා) පිළිතුරු දෙමිනි.

නිමල් සිරිපාල මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා.
“අප මත්තල ගුවන්තොටුපළේ කළ නිරීක්ෂණ චාරිකාවකදී දැක්කා එහි විශාල ගබඩා ප්‍රයෝජනයක් නැතිව වහලා තියෙන බව. ඒ නිසයි රජය පසුගිය දවස්වල උත්සන්න වී තිබූ වී මිලදී ගැනීමේ ගැටලුව විසඳන්න මේ ගබඩා පාවිච්චි කළේ. ඒකෙන් වැඩි ප්‍රයෝජනයක් වුණේ හම්බන්තොට ගොවි ජනතාවටයි. ඔවුන්ගේ වී තමයි මණ්ඩලය මෙහි වැඩියෙන් ගබඩා කළේ.

අනික මේක තාවකාලිකව ගත් පියවරක්. ගොවියන්ගේ වී විකිණීමේ ගැටලුව පසුගිය දවස්වල ජාතික ප්‍රශ්නයක් වුණා. ගොවියාගේ මෙවැනි බරපතළ ගැටලුවකට වඩා සතියකට එක ගුවන්යානයක් එන මත්තලට කුරුල්ලන් ඇවිත් කැත කරන එක මහා ලොකු පාඩුවක් හැටියට දකින අපේ ප්‍රවාහන ඇමතිවරයා ගැන මට තියෙන්නේ කනගාටුවක්.

මාධ්‍ය ඉදිරියේ මේ වගේ ළඳ බොළඳ කතා කියන්න ඉස්සෙල්ල හිතන්න ඕනෙ තමන්ගේ වගකීම ගැන. ඔහු කතා කරන්නේ තමන් නියෝජනය කරන කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට එරෙහිවයි. මයික් එකක් දැක්ක තැන විහිළු කතා කියමින් එතුමා 'කාඩ්බෝඩ් සැන්ඩෝ' කෙනෙක් වෙන්න හදන එකට කනගාටුයි" යනුවෙන් කියා සිටියේය.

මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා ඇති වූ අලාභයට වගකීමට හෝ ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට තමන් බැඳී නැතැයි වී අලෙවි මණ්‌ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා පැවසීය.

මත්තල වී ගබඩාව හිස්‌ කිරීමට හෝ වන්දි අයකර ගැනීම සම්බන්ධයෙන් කිසිවකු මෙතෙක්‌ තම ආයතනයට ලිතව දැනුම් දී නැතැයි ද සභාපතිවරයා කීවේය.

එසේම මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා හිස්‌කරන ලෙසට නියෝග කළ බව මාධ්‍ය වාර්තාවලින් දැනගත් බව ද, එසේ වුව ද කිසිවකුත් මෙතෙක්‌ තමන්ට ඒ සඳහා උපදෙස්‌ දී නැතැයි ද එම්. බී. දිසානායක මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us