ගිරාඹේ ආනන්ද හිමිව ‍රැකබලා ගැනීම, ජනාධිපති බෑණාට පවරලා

Published in පුවත්
Sunday, 15 November 2015 11:17

මේවන විට අසනීප තත්වයෙන් සිටින ශ්‍රීලංකා රමඤ්ඤ මහා නිකායේ අනුනායක  ගිරඹේ ආනන්ද හිමියන්ගේ අසලම සිට උපස්ථාන කිරීමේකටයුත්ත ජනාධිපතිවරයා විසින් තම බෑණනුවන් වන තිලිණ සුරන්ජිත් මහතාට පවරා තිබේ.

රාජපක්ෂ රෙජීමය පෙරළා දැමිම සඳහා පෙරමුණ ගත් හිමිණමක වන ගිරාඹේ ආනන්ද හිමි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ භික්ෂු සංවිධානයක නායකත්වය හොබවන අතර විපක්ෂයේ පොදු අපේකෂකයකු ඉදිරිපත් කර එම සටන ජය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මතය වෙනස් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉ‍ටු කළේය.

මෙම දේශපාලන අරගලය වෙනුවෙන් රටේ ජනමතය විපක්ෂයේ පොදු අපෙක්ෂකයකු අවශ්‍ය බවට ප්‍රමුඛත්ම කාර්යභාරය ඉ‍ටු කළ මාදුළුවාවේ සොභිත හිමි පසුගියදා අපවත් වූ අතර උන් වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් සැක සහිත භාවයක්ද මේවන විට කතාබහට ලක්වෙමින් තිබේ.

ඒකෙසේ නමුත් නමුත් ජනාධිපතිවරයාගේ නියෝජිතයකු ලෙස මේවන විට ගිරාඹේ ආනන්ද හිමි ප්‍රතිකාර ගන්නා සිංගප්පූරුවේ මවුන්ට් එලිසෙබෙත් රෝහලට ගොස් සිටින තිලිණ සුරන්ජිත් මහතා, ආනන්ද හිමියන් බැහැදැක සුවදුක් විමසා ජනාධිපතිවරයා දැනුවත් කරමින් සිටින අතර එම ප්‍රතිකාර කටයුතු නිමවෙන තෙක් ඔහුට එහි ‍රැඳී සිටින ලෙසද දන්වා ඇති බවත් වර්තවේ.

මේ අතර පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ ඇමැති මංගල සමරවීර යන මහත්වරුන්ද ආනන්ද හිමිගේ සුව දුක් බැලීම සඳහා එම රෝහලට ගොස් තිබිණි.

 

girambe-himi-1

Last modified on Sunday, 15 November 2015 12:11

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us